මැයි 11, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නව සේද මාවත ව්‍යාපෘතියෙන් ශී‍්‍ර ලංකාවට ප‍්‍රමුඛත්වයක්

    ජූලි 30, 2014
    නව සේද මාවත ව්‍යාපෘතිය හරහා ශී‍්‍ර ලංකාවට ප‍්‍රමුඛත්වයක් උදා වී තිබෙන බව චීනය ප‍්‍රකාශ කරයි.

    ශී‍්‍ර ලංකාවේ ස්ථාන රැසක් සේද මාවතේ මධ්‍යස්ථානයක් ලෙස පිහිටා තිබෙන අතර එය රටට ආර්ථික වශයෙන් ඉතා වැදගත් කාර්යභාරයක් ඉටුකරනු ඇති බව ශී‍්‍ර ලංකාවේ චීන තානාපති වූ ජියැන්හාවෝ මහතා පෙන්වා දෙයි.
     
    චිනයේ ෂිංහුවා පුවත් සමඟ පැවැති විශේෂ සාකච්ඡාවක දී වූ ජියන්හාවෝ මහතා මේ බව ප‍්‍රකාශ කර ඇත.
     
    දකුණු ආසියාව, අපි‍්‍රකාව සහ මැදපෙරදිග රටවල් ඒකාබද්ධ කරමින් සමුද්‍රීය සේද මාවත කි‍්‍රයාත්මක වන බවද තානාපතිවරයා ප‍්‍රකාශ කර ඇත.
     
    මෙමඟින් ශී‍්‍ර ලංකාවට සංවර්ධන අවස්ථාවන් රැසක් උදාවන බව පෙන්වා දෙන තානාපතිවරයා මේ වන විට චීන රජයේ නියෝජිත පිරිසක් ශී‍්‍ර ලංකාවේ සංචාරයක නිරත වෙමින් අදාළ ව්‍යාපෘතීන් පිළිබඳ සාකච්ඡා කරමින් සිටින බවද සඳහන් කර තිබේ.
     
    නව සමුද්‍රීය සේද මාවත ප‍්‍රතිපත්තිය සම්බන්ධයෙන් චීනය සමඟ එකඟතාවට පැමිණි පළමු රට වන්නේ ද ශී‍්‍ර ලංකාව බව හෙතෙම වැඩිදුරටත් සඳහන් කර ඇත.
     
    NDH/priu

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya