අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉදිරි මහ මැතිවරණයේ කේම්බ්‍රිජ් අසුනට කොන්සර්වේටිච් පක්ෂයෙන් චමාලි

    ජූලි 29, 2014

    2015 මහ මැතිවරණයේදී කේම්බ්‍රිජ් අසුන සඳහා තරග කිරීමට කේම්බ්‍රිජ් නගරයේ කොන්සර්වේටිච් සංගමයේ අපේක්ෂිකාවක් ලෙස අධිනීතීඥ චමාලි ප්‍රනාන්දු තෝරා ගෙන ඇත.


    පසුගියදා පැවති කේම්බ්‍රිජ් කොන්සර්වේටිව් සංගමයේ (Cambridge Conservative Association) විශේෂ මහාසභා රැස්වීමක දී එහි සාමාජික සාමාජිකාවන් විසින් අනාගත පාර්ලිමේන්තු අපේක්ෂකයෙකු ලෙස ඇය තෝරා ගනු ලැබ තිබේ.


    මෙම අසුනට තරග කිරීමට චමාලි වැනි විශිෂ්ට අපේක්ෂිකාවක් සිටීම පිළිබඳ අතිශය සතුටු වන බවත් පසුගිය මහා මැතිවරණයේදී අප දෙවන තැනට පත් වූවත් ඉදිරි මැතිවරණයේ දී කේම්බ්‍රිජ් අසුන ජය ගැනීමට වැඩි ඉඩකඩක් අපට තිබෙන බවත් කේම්බ්‍රිජ් කොන්සර්වේටිව් සංගමයේ සභාපති නික් ක්ලාක් (Nick Clarke) මහතා පවසයි.


    ලන්ඩන් යුනිවර්සිටි කොලීජියේ නීතිය හදාරා ගෞරව උපාධියක් ලබා ඇති මේ වනවිට 35 වැනි වියේ පසුවන නීතිඥ චමාලි ප්‍රනාන්දු; කේම්බ්‍රිජ් ජනතාව වෙනුවෙන් කොස්සර්වේටිව් අපේක්ෂිකාවක් ලෙස ඉදිරි මැතිවරණ සටනට ඉදිරිපත් වීමට ලැබුණු මෙම අවස්ථාව පිළිබඳ අතිශයින් සතුටට පත්වන බවත් පැවසුවාය.  


    මෙම අලංකාර නගරයේ ජනතාවට ඉදිරියේ දී පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක ලෙස සේවය කරන්නට ලැබීම තමාට ගෞරවයක් බවත් ලෝකයේ දැනුමින් මෙන් ම විශේෂඥයින්ගෙන් සපිරි නගර කිහිපය අතරින් කේම්බ්‍රිජ් ඉහළින්ම සිටින නගරයක් වීම වාසනාවක් බවත් පවසන චමාලි, කේම්බ්‍රිජ්හි උසස් විශ්වවිද්‍යාල දෙකින් එකක් අපගේ ශක්ති සම්පන්න බව පෙන්වන කරන අතර අනෙක ජාතික සම්පතක් ලෙස නිරතුරු වෙනස්වන ගෝලීය ආර්ථිකය අධ්‍යයනය කරන ද්වාරයක් බවත් පැවසුවාය.


    1983 දී බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු අසුනක් සඳහා තරග කළ පළමු ශ්‍රී ලාංකිකයා වන සුමල් ක්‍රීසී ප්‍රනාන්දු චමාලිගේ පියා වේ. චමාලි සිය පියා වෙනුවෙන් ද කුඩා කල සිට ම දේශපාලන කටයුතුවල නිරත ව ඇති අතර 2007 දී ලන්ඩන් නගරාධිපති තනතුරට අපේක්ෂිකාවක් ලෙස ඇය නම් කරනු ලැබූ අතර මේතාක් කල් එම තනතුරට නම් කළ ලාබාලම අපේක්ෂිකාව වන්නේ ද ඇයයි.


    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya