අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ රගර් "ෂීල්ඩ්" ශූරතාව ශ්‍රී ලංකාවට

    ජූලි 29, 2014
    පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ ග්ලාස්ගොව්, ඉබ්රොක්ස් ක්‍රීඩාංගණයේ පැවැති සත් සාමාජික රගර් තරගයේ දී "ෂීල්ඩ්" ශූරතාව දිනාගැනීමට ශ්‍රී ලාංකික ක්‍රීඩකයෝ සමත්වුහ.
     
    මෙහි අවසන් තරගයේ දී ට්‍රිනිඩෑඩ් හා ටුබෑගෝ කණ්ඩායම ලකුණු 43-7කින් පරාජය කිරීමට ශ්‍රී ලංකාව සමත්විය. ශ්‍රී ලංකාව මේ තරගයේ දී ට්‍රයි 3ක් හා ගෝල 4ක් වාර්තා කළ අතර ට්‍රිනිඩෑඩ් පිල ගෝල 1ක් සාර්ථක කර ගත්තේය. 
     
    රටවල් 16ක් සහභාගි වු මෙම සත් සාමාජික රගර් තරගාවලියේ රන් පදක්කම දකුණු අප්‍රිකාව ද රිදී පදක්කම නවසීලන්තය හා ලෝකඩ පදක්කම ඔස්ට්‍රේලියාව ද හිමි කර ගනු ලැබූහ.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya