අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ෂෙෆීල්ඩ් හි වෙසෙන ශී‍්‍ර ලාංකේයයන්ගේ පොසොන් වැඩසටහන් අද

    ජූලි 05, 2014

    අනුබුදු මිහිඳු හිමියන්ගේ ලංකා ගමනය සිහිකරමින් සමරන පොසොන් පොහොය නිමිති කරගනිමින් එංගලන්තයේ ෂෙෆීල්ඩ් නගරයේ වෙසෙන ශී‍්‍ර ලාංකේයයන් සංවිධානය කර ඇති පොසොන් පොහොය වැඩසටහන් අද (04) ෂෙෆීල්ඩ් බෞද්ධ මධ්‍යස්ථානයේදී පැවැත් වේ.


    උදෑසන බුද්ධ පූජාවෙන් පසු, මෙම මහා පිංකම සඳහා ලංකාවේ කේතුමතී බෞද්ධ සිද්ධස්ථානයෙන් වැඩම කර වූ සංඝයා වහන්සේලාට සංඝගත දක්ෂිණාවක් පිරිනැමේ.


    ධර්ම දේශනා, ධර්ම සාකචඡා හා පිරිත් සජ්ඣායනයෙන් අනතුරුව භක්ති ගීත ගායනා වැඩසටහනක්ද පැවැත්වේ. පැමිණෙන බැතිමතුන් සඳහා දිවා බත් දන්සැලක් ද එම පරිශ‍්‍රයේදී සංවිධානය කොට තිබේ.

    තම මවු බිමෙන් දුරස්ව වෙසෙන එංගලන්තයේ වෙසෙන ශී‍්‍ර ලාංකේය බෞද්ධ බැතිමතුන් අද පෙරවරු 10.00 සිට පස්වරු 3.00 දක්වා  මෙම ආගමික කටයුතුවලට සහභාගී වන බව වාර්තා වේ.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya