අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සීෂෙල්ස් හා ශ්‍රී ලංකාව අතර ක්‍රීඩා සහයෝගිතා වැඩසටහනක්

    ජූලි 05, 2014
    ශ්‍රී ලංකාව හා සීෂෙල්ස් රාජ්‍ය අතර පවතින සමීප රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පදනම් කරගෙන සීෂෙල්ස් රාජ්‍යයේ තෝරාගත් ක්‍රීඩාවන් සඳහා ක්‍රීඩා පුහුණු සැසියක් පැවැත්වීමට සීෂෙල්ස් රාජ්‍යයේ ක්‍රීඩා අමාත්‍ය වින්සන්ට් මෙරිටන් (Vincent Meriton) මහතා කළ ඉල්ලීමකට අනුව ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා එකඟ වූ බව ක්‍රීඩා අමාත්‍යංශය පවසයි.
     
    ඒ අනුව බොක්සිං, මලල ක්‍රීඩා හා බැඩ්මින්ටන් ක්‍රීඩාවන් සඳහා ශ්‍රී ලංකාවේදී පුහුණු සැසියක් ලබාදීමට නියමිතය.
     
    ක්‍රීඩා අමාත්‍යංශය මෙම තීරණය ගෙන ඇත්තේ සිව්දින නිල සංචාරය සඳහා මෙරටට පැමිණ සිටින සීෂෙල්ස් රාජ්‍යයේ ක්‍රීඩා අමාත්‍ය වින්සන්ට් මෙරිටන් මහතා ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ක්‍රීඩා අමාත්‍යංශයේදී හමුවූ අවස්ථාවේදීය.
     
    මෙහිදී අමාත්‍යවරුන් දෙදෙනා දෙරටේ ක්‍රීඩා සංවර්ධනය පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ අතර මලල ක්‍රීඩා, බැඩ්මින්ටන් හා බොක්සිං ක්‍රීඩා ඉසව් යටතේ සීෂෙල්ස් රාජ්‍යයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසක් ලබන මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණ නේවාසික පුහුණුව ලැබීමට නියමිත අතර ශ්‍රී ලංකාවේ තෝරාගත් ක්‍රීඩා ඉසව් කීපයක් සඳහා සීෂෙල්ස් රාජ්‍යය ද ක්‍රීඩා පහසුකම් සැලසීමට එකඟ වී ඇතැයි ක්‍රීඩා අමාත්‍යංශය පවසයි. 
     
    ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තියේ අප්‍රිකානු රාජ්‍යයන් සමඟ සමීප රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ගොඩනඟා ගැනීමේ මූල්‍ය උපායන් යටතේ සීෂෙල්ස් රාජ්‍යය සමඟ ක්‍රීඩා විෂය යටතේ මෙම හුවමාරු වැඩසටහන් ක්‍රියාත්මක වන ප්‍රථම අවස්ථාව මෙය බව ක්‍රීඩා අමාත්‍යංශය පවසයි.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya