අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කච්චතිව් දූපත් කලාපයේ අයිතිය ශී‍්‍ර ලංකාව සතුයි - ඉන්දිය මධ්‍යම රජය

    ජූලි 03, 2014

    කච්චතිව් දූපතේ අයිතිය ශී‍්‍ර ලංකාව සතු බැවින් එම දූපත් කලාපයේ ධීවර කටයුතුවල නියැළීමට තම ධීවරයන්ට කිසිදු අයිතියක් නැතැයි ඉන්දිය මධ්‍යම රජය අවධාරණය කරයි.

    එම දූපත කරා ඉන්දීය ධීවරයන් යන්නේ නම් ඒ වෙනත් කිසිදු හේතුවක් මත නොව ධීවර දැල් ආම්පන්න වියළා ගැනීම සහ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ වාර්ෂිකව පැවැත්වෙන උත්සවය සඳහා පමණක් බව ද වෙනත් කිසිදු හේතුවක් මත එහි යාමට හැකියාවක් නොමැති බව ද ඉන්දීය මධ්‍යම රජය ප‍්‍රකාශ කරයි.


    ශී‍්‍ර ලංකා, මාලදිවයින් සහ ඉන්දීය සාගර කලාපයේ නියෝජ්‍ය ලේකම් විශ්වේෂ් මහතා පසුගිය අඟහරුවාදා ඉන්දීය ධීවර රැකවරණ සංගමයේ සභාපති පීටර් රයන් විසින් මදුරාසි මහාධිකරණය වෙත ගොනුකර තිබෙන පෙත්සමක් සඳහා කරුණු දක්වමින් ප‍්‍රකාශකර ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.


    තමිල්නාඩු ධීවරයන්ට ශී‍්‍ර ලාංකා නාවික හමුදාව විසින් පහරදීම, කච්චතිව් දූපත ආසන්නයේ මසුන් සඳහා අවස්ථාව ලබාදීම සම්බන්ධයෙන් ආරක්ෂිත ක‍්‍රමවේදයක් කි‍්‍රයාත්මක කරන ලෙසද ඉන්දීය ධීවර රැකවරණ සංගමයේ සභාපතිවරයා අදාළ පෙත්සම මඟින් ඉල්ලා තිබේ.


    එම පෙත්සමට අනුව ඊට අදාළව ඉන්දීය ධීවරයන්ට කච්චතිව් දූපත ආසන්නයේ මසුන් මැරීමට ඇති හැකියාව මදුරාසි මහාධිකරණය විසින් එරට මධ්‍යම රජයෙන් විමසා තිබෙන අතර ඊට පිළිතුරු ලෙස මේ බව ප‍්‍රකාශ කර තිබෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.


    1974 සහ 1976 වසරවලදී ඇති වූ ගිවිසුම් මඟින් කච්චතිව් දූපතේ අයිතිය ශී‍්‍ර ලංකාවට හිමිව තිබෙන බව පෙන්වා දී තිබෙන ඉන්දීය මධ්‍යම රජය එය ඉන්දියාවට අයිති නොවන්නත් බව ද කච්චතිව් දූපත ආසන්නයේ මසුන් මැරීමට ඉන්දීය ධ‍වරයන්ට කිසිදු අයිතියක් නොමැති බව ද තහවුරුකර තිබේ. එරට මධ්‍යම රජය ප‍්‍රකාශකර ඇත්තේ කච්චතිව් දූපත ආසන්නයේ සාම්ප‍්‍රදායිකව මසුන් මැරීම සඳහා ශී‍්‍ර ලංකා - ඉන්දීය ධීවරයන්ට හැකි බවට ගිවිසුම මඟින් ප‍්‍රකාශ කර තිබෙන්නේ යැයි ඉන්දීය ධීවර රැකවරණ සංගමයේ සභාපති රයන් විසින් ප‍්‍රකාශ කළ ද එය පදනම් විරහිත ප‍්‍රකාශයක් බවයි.


    මේ අතර මදුරාසි මහාධිකරණයේ වැඩබලන ප‍්‍රධාන විනිසුරු ශතිස් කේ. අග්නිහොට්රි, විනිසුරු එම්.එම්. සුන්දරේශ් විනිසුරුවරුන් හමුවේ අදාළ පෙත්සම සලකා බලන ලද අතර එය වැඩිදුරටත් විභාග කිරීම සති දෙකකට කල් තබා ඇති බවද වාර්තා වෙයි.

     

    NDH/priu

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya