මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මාල දිවයින් වැසියන්ගේ විදේශ සංචාර අතර ශ්‍රී ලංකාව ඉදිරියෙන්

    ජූලි 03, 2014

    මාල දිවයින් මහ බැංකුවේ, මූල්‍ය අධිකාරිය පවසන පරිදි මාලදිවයින් වැසියන් පසුගිය වසරේ සිය විදේශ සංචාරයන් සඳහා ඩොලර් මිලියන 191ක් වැයකර ඇති බව සමීක්ෂණයකින් හෙළි වී තිබේ.


    පසුගිය අවුරුද්ද තුළ මාල දිවයින් වැසියන් සියයට 65ක් විදේශ සංචාරවල නිරතව ඇති අතර ඉන් බහුතරයක් ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ මැලේසියාව සිය ගමනාත්ත ලෙස භාවිත කර තිබේ.


    ඊබ්‍රාහීම් නසීම් ජාත්‍යන්තර ගුවන් තොටුපොළ කරන ලද සමීක්ෂණයකට අනුව එම විදේශ සංචාරවලට මූලික හේතූන් වී ඇත්තේ මාල දිවයින් වැසියන් හොඳ වෛද්‍ය පහසුකම් සොයා යෑම, නිවාඩු ගතකිරීමට හා උසස් අධ්‍යාපනය ලැබීමටය.


    විදේශ චාරිකාවලදී වෛද්‍ය පහසුකම් සඳහා ඩොලර් මිලියන 70ක් ද නිවාඩු චාරිකා වෙනුවෙන් ඩොලර් මිලියන 64ක් ද අධ්‍යාපන කටයුතු වෙනුවෙන් ඩොලර් මිලියන 47ක් ද මාලදිවයින් වැසියන් වැයකර තිබේ.


    ඒ අනුව සමීක්ෂණයට සහභාගී වූ මාල දිවයින් වැසියන් 6184 දෙනාගෙන් 2597ක පිරිසක් ශ්‍රී ලංකාවේ චාරිකාවල නිරතව තිබේ. ඔවුන් ශ්‍රී ලංකාවට වැඩිපුරම පැමිණ ඇත්තේ සංචාරය සඳහාය. නිවාඩු චාරිකා වෙනුවෙන් ඩොලර් මිලියන 1.7ක් ද වෛද්‍ය පහසුකම් සඳහා මිලියන 2.2ක් ද වැයකර තිබේ.


    සමීක්ෂණයට සහභාගී වූ මාල දිවයින් වැසියන් 6184 දෙනෙකුගෙන් 2473ක පිරිසක් ඉන්දීය චාරිකාවල නිරතව තිබේ. ඔවුන් ඉන්දියාවේ දී වෛද්‍ය පහසුකම් සඳහා මිලියන 2.1ක් ද නිවාඩු චාරිකා වෙනුවෙන් මිලියන 2.5ක් ද වැයකර තිබේ.


    මෙම චාරිකාවලදී ගුවන් ගමන් වෙනුවෙන් පමණක් ඩොලර් මිලියන 48ක් මැලදිවයින් වැසියන් වැයකර තිබේ.


    විදේශ සංචාරයන්හි නිරතවන මාලදිවයින් වැසියන් සිය වියදම් සිදුකරන ආකාරය ගැන මෙම සමීක්ෂණයෙන් තොරතුරු රැසක් හෙළි වූ බව විමර්ශන අධිකාරිය පවසයි. මෙවන් සමීක්ෂණයක් පවත්වන ලද්දේ තුන්වන වරට බව මාලදිවයින් මහ බැංකුව පවසයි.


    HC/SS

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya