මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    යුද අපරාධ චෝදනාවට පරීක්ෂණයක් කිරීම සම්පූර්ණ අනවශ්‍ය කි‍්‍රයාවක් - රජය අවධාරණය කරයි

    ජූලි 02, 2014

    ශී‍්‍ර ලංකාව යුද අපරාධ සිදුකර ඇතැයි නඟන චෝදනාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් පරීක්ෂණයක් සිදුකිරීමට යාම මුළුමනින්ම අනවශ්‍ය කි‍්‍රයාවක් බව ශී‍්‍ර ලංකා රජය අවධාරණය කරයි.


    දශක තුනකට ආසන්න කාලයක් ශී‍්‍ර ලංකාවේ පැවැති ත‍්‍රස්තවාදය මේ වනවිට සාර්ථකව අවසන් කර තිබෙන බවද දරුණු ත‍්‍රස්තවාදී කණ්ඩායමක් පරාජය කිරීම පිළිබඳ සමාව දිය නොහැකි අයුරින් ශී‍්‍ර ලංකාව දඬුවමට යටත් කිරීමේ කි‍්‍රයාවලියක් සිදුවෙමින් පවතින බවද එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිව් යෝර්ක් හි ශී‍්‍ර ලංකා නිත්‍ය නියෝජිත හා තානාපති ආචාර්ය පාලිත කොහොන මහතා ප‍්‍රකාශ කරයි.


    කමිටුවේ උපදෙස් මත කි‍්‍රයාත්මක 12 දෙනෙකුගේ සමන්විත කණ්ඩායමට සහය දැක්වීම ශී‍්‍ර ලංකා රජය සම්පූර්ණයෙන්ම ප‍්‍රතික්ෂේප කර තිබෙන බවද පෙන්වා දී තිබෙන ඒ මහතා එවැනි අධිකරණ කි‍්‍රයාවලියකට යොමුවීම සඳහා අභිමතය අවශ්‍ය රුසියාව හා චීනය ඊට විරුද්ධත්වය පළකර තිබෙන බව ද සඳහන් කරයි.


    ශී‍්‍ර ලංකාව සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකිරීම සඳහා ජගත් මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් නවනිදන් පිල්ලේ මහත්මිය විසින් 12 දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පත්කර තිබෙන අතර නොබෙල් සාම ත්‍යාගලාභී සහ පින්ලන්තයේ හිටපු ජනාපති මාර්ටි අතිසාරී, නවසීලන්තයේ හිටපු මහාධිකරණ විනිසුරු සිල්වියා කාට්රයිට්, පාකිස්තාන ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥ සංගමයේ හිටපු සභාපති සහ එරට හිටපු මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් අස්මා ජහන්ගීර් යන අය අදාළ කමිටුවේ විශේෂඥයන් වශයෙන් පත්කර තිබේ.


    මේ බව ජාත්‍යන්තර මාධ්‍ය වෙත විශේෂ ප‍්‍රකාශයක් කරමින් ශී‍්‍ර ලංකා නිත්‍ය නියෝජිත හා තානාපති ආචාර්ය පාලිත කොහොන මහතා ප‍්‍රකාශ කර තිබේ. මෙවන් පරීක්ෂණයකින් එළඹෙන නිගමනයන් අයථා කි‍්‍රයාවන්හි යෙදුණේ යැයි පැවසෙන ශී‍්‍ර ලාංකිකයන්ට ඉන් නිදහස්වීමට ඇති අන්තර් ජාතික අවකාශ සඳහා බාධා පැමිණීමක් සිදුවන බවද දැනටමත් එක්සත් ජනපද මන්තී‍්‍රවරුන් විසින් යුද අපරාධ සම්බන්ධයෙන් වගකිව යුතු යැයි පවසන ශී‍්‍ර ලාංකිකයන්ට එරටට ඇතුළුවීම තහනම් කරන ලෙස ඉල්ලා තිබෙන බවද ආචාර්ය පාලිත කොහොන මහතා කියා සිටී.


    කැරැලි නවකයන් යටත්වීම කළ යුත්තේ කෙසේද යන්න සම්බන්ධයෙන් උපදෙස් ලබාගැනීම සඳහා යුරෝපීය මැදිහත්කරුවන්ට පණිවුඩයක් යොමු කළ යුතු බවද ඔවුන් ඝාතනයට අණක් නිකුත් වූ බව තමා කිසිවිටෙකත් විශ්වාස නොකරන බවද ශී‍්‍ර ලංකා නිත්‍ය නියෝජිත තානාපතිවරයා පෙන්වා දී තිබේ. චෝදනා කිරීම හා ඊට අදාළ සාක්කි සොයා ගැනීම පහසු දෙයක් බව පෙන්වා දී තිබෙන ඒ මහතා එම සාක්ෂිවල විශ්වසනීයත්වය සහ සත්‍යතාව පිළිබඳ ප‍්‍රශ්න කළ යුතු බව ද අවධාරණය කරයි.


    HC/priu

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya