අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    උතුරු මැද පාසල් මලල ක‍්‍රීඩා තරග ජූලි 9 -11

    ජූලි 02, 2014
    උතුරු මැද පළාත් පාසල් මලල ක‍්‍රීඩා තරගාවලිය ලබන 9,10 සහ 11 යන දිනයන්හි දී මිහින්තලේ රජරට විශ්වවිද්‍යාලයීය ක‍්‍රීඩාංගණයේදී පැවත්වේ. 


    මෙම ක‍්‍රීඩා තරගාවලියේ සමාරම්භක උත්සවය ලබන 09 දින පෙරවරු 9.00ට උතුරු මැද පළාත් ප‍්‍රධාන අමාත්‍ය එස්.එම්. රංජිත් සමරකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කිරීමට නියමිතය.

     

    උතුරු මැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මඟින් මෙය සංවිධානය කර තිබේ. සමස්ත ලංකා පාසල් ක‍්‍රීඩා තරගාවලිය සඳහා සුදුස්සන් තේරීම සඳහා පැවැත්වෙන මෙම ක‍්‍රීඩා තරගාවලියට අනුරාධපුර හා පොලොන්නරුව යන දිස්ත‍්‍රික්ක නියෝජනය කරමින් ක‍්‍රීඩක 

    ක‍්‍රීඩිකාවන් 2000කට ආසන්න පිරිසක් සහභාගි වීමට නියමිතය.
     

    මෙහි සමාප්ති උත්සවය ලබන 11 වැනි දින පස්වරු 4.00ට උතුරු මැද පළාත් ආණ්ඩුකාර කරුණාරත්න දිවුල්ගනේ මහතාගේ ප‍්‍රධානත්වයෙන් සිදු කරන බව ද උතුරු මැද පළාත් සභාව පවසයි.


    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya