මාර්තු 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහාබෝධි සංගමයේ ආගමික - සමාජයීය සේවාවට සහය - ඉන්දීය විදේශ ඇමතිනි

    ජූලි 01, 2014

    ශී‍්‍ර ලංකා මහා බෝධි සංගමයේ සාංචි නුවර සහ චෙන්නායි නුවර කේන්ද්‍ර කොට ගෙන සිදුකරන සමාජීය හා ආගමික සේවාවන් අනාගතයේදී තවතවත් පුළුල් කරන බව ඉන්දීය විදේශ ඇමතිනි සුෂ්මා ස්වරාජ් මහත්මිය පැවසුවාය.


    ඉන්දීය විදේශ ඇමතිනිය එසේ පැවසුවේ පසුගියදා නවදිල්ලි නුවර සිය නිල නිවසේ දී ශී‍්‍ර ලංකා මහාබෝධි සංගමයේ සභාපති බානගල උපතිස්ස නාහිමියන් සමඟ විශේෂ සාකච්ඡාවකට එක් වෙමිනි.


    එතුමියගේ නව තනතුර පිළිබඳ ශී‍්‍ර ලංකා මහාබෝධි සංගමයේ සුබපැතුම් මෙහිදී පිරිනැමුණු අතර සිංහල බෞද්ධයා පුවත් පතෙහි නවතම කලාපයද එතුමිය වෙත ප‍්‍රදානය කෙරිණි. ඉන්දීය නව රජය පත්වීම් සම්බන්ධයෙන් සහ ඉන්දියාව හා මහා බෝධි සංගමය අතර සම්බන්ධතා ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් එම පුවත්පතෙහි පළ කර ඇති අදහස සම්බන්ධයෙන් ද එතුමිය දැනුවත් කෙරිණි.


    ශී‍්‍රමත් අනගාරික ධර්මපාලතුමන්ගේ 150 වන ජන්ම සංවත්සරය වෙනුවෙන් ශ්‍රී ලංකා මහබෝධි සංගමයේ මෙහෙයවීමෙන් ශී‍්‍ර ලංකාව, ඉන්දියාව හා ජපානය යන රටවල සිදු කරනු ලබන විශේෂ උත්සව අංගයන් සම්බන්ධව ද ඉන්දීය විදේශ ඇමතිනිය වෙත කරුණු පැහැදිලි කරන ලදී.


    සාංචි නුවර ස්ථාපිත කෙරෙන බෞද්ධ විශ්වවිද්‍යාලයේ කාර්යයන් පිළිබඳව ද මෙහිදී අවධානය යොමු කරන ලදී.


    නවදිල්ලි නුවර ශී‍්‍ර ලංකා වන්දනා නිකේතනාධිකාරී පල්ලේගම විජිත හිමි ද, ශී‍්‍ර ලංකා මහාබෝධි සංගමයේ ශී‍්‍ර ලංකා මහාබෝධි සංගමයේ භාණ්ඩාගාරික චන්න කළුගම්පිටිය මහතා ද මේ අවස්ථාවට එක් වුහ.


    HC/priu

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya