මාර්තු 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2017 ආසියානු යොවුන් ක්‍රීඩා උළෙලට සියලු පහසුකම් සැපයීමට රජය සූදානම්

    ජූලි 01, 2014
    2017 ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත ආසියාතික යොවුන් ක්‍රීඩා උළෙල සාර්ථකව සංවිධානය කිරීමට අවශ්‍ය සියලු පහසුකම් ලබාදීමට ශ්‍රී ලංකා රජය කටයුතු කරන බව ක්‍රීඩා අමාත්‍යාංශය නිවේදනය කරයි.
    තුන්වන ආසියාතික යොවුන් ක්‍රීඩා උළෙලේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට ලබා ගැනීමෙන් පසු එහි ප්‍රගතිය පිළිබඳව සොයා බැලීම සඳහා මේ දිනවල දිවයිනට පැමිණ ඇති ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ ආසියාතික කටයුතු භාර අධ්‍යක්ෂ විනෝද් කුමාර් තිවාරි (Vinod Kumar Thiwari) හා වේ ජිෂොන්ග් (Wei Jizhong) මහත්වරු ඊයේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා හා ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහත්වරු හමුවූ අවස්ථාවේදී ආසියානු යොවුන් ක්‍රීඩා උළෙල සාර්ථක කර ගැනීම සඳහා රජයේ උපරිම සහය ලබාදෙන බව අතිගරු ජනාධිපතිතුමන් මෙහිදී අදාළ නියෝජිතයන්ට පැහැදිලි කර දුන් බව ක්‍රීඩා අමාත්‍යාංශය පවසයි.
     
    2017 යොවුන් ක්‍රීඩා උළෙල සඳහා ප්‍රධාන මෙහෙයුම් කමිටුව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාගේ ප්‍රධානත්වයෙන් පත්කර ඇති අතර එම කමිටුව විසින් මේ වනවිට අදාළ රාජකාරි ආරම්භ කර ඇති ඇත. ක්‍රීඩා ඉසව් හා ක්‍රීඩා ඉසව් තාක්ෂණ කටයුතු මෙන්ම අදාළ සියලුම කටයුතු ක්‍රීඩා අමාත්‍යාංශය මූලිකත්වයෙන් ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් අනුර ජයවික්‍රම මහතාගේ ප්‍රධානත්වයෙන් හා ජාතික ඔලිම්පික් කමිටුවේ අධීක්ෂණය මත ක්‍රියාත්මක වන අතර මේ සඳහා දැනටමත් ක්‍රීඩා ඉසව් 16ක් හඳුනාගෙන තිබේ.
     
    අධ්‍යාපන අමාත්‍යාංශය මගින් පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සූදානම් කිරීම සඳහා අධ්‍යාපන කොට්ඨාස අධ්‍යාපන සහ කලාප මට්ටමෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ කුසලතා හඳුනාගැනීමේ කාර්යයන්ද මේ වනවිට ආරම්භ කර ඇති බව ක්‍රීඩා අමාත්‍යාංශය පවසයි.
     
    ආසියානු යොවුන් ක්‍රීඩා උළෙල හම්බන්තොට හා කොළඹ යන නගර 02 උපයෝගී කරගෙන සංවිධානය කිරීමට රජයේ අවධානය යොමුවී ඇති බැවින් කොළඹ දියගම ක්‍රීඩා සංකීර්ණය හා සුගතදාස ක්‍රීඩා සංකීර්ණය වැඩිදියුණු කිරීමට අපේක්ෂිත බව ක්‍රීඩා අමාත්‍යාංශය පවසයි.
     
    MAP

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya