මාර්තු 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගුවනේ ශූරයෝ පරදවමින් පාසැල් සිසුන් මේස පන්දු සමස්ත ලංකා විවෘත ශූරතාව දිනති

    ජූනි 30, 2014
    ‘සමස්ත ලංකා අන්තර් ක්‍රීඩා සමාජ මේස පන්දු තරගාවලිය 2014‘, ඊයේ (29) කෑගලු බාලිකා විද්‍යාලීය ගෘහස්ත ක්‍රීඩාගාරයේ දී අවසන් විය.
     
    පසුගිය 27 සිට 29දා දක්වා පුරා තෙදිනක් පැවති මෙම තරගාවලිය සමස්ත ලංකා මේස පන්දු සංගමය සහ කෑගල්ල දිස්ත්‍රික් මේස පන්දු සංගමය මහීපාල හේරත් ජන සහන පදනමේ සහය ඇතිව සංවිධානය කර තිබිණි.
     
    දිවයින පුරා පාසැල් 100ක් ක්‍රීඩා සමාජ 20ක් නියෝජන කරමින් මේස පන්දු ක්‍රීඩක ක්‍රීඩිකාවන් 700කට ආසන්න පිරිසක් මෙම තරගාවලියට ඉදිරිපත්ව සිටි අතර ශ්‍රේණිගත මේස පන්දු සමස්ත ලංකා තරගාවලියක් අගනුවර සහ දිවයිනේ ප්‍රධාන නගරවලින් බැහැරව පවත්වන ලද දුර්ලභ අවස්ථාවක් ලෙස මෙම කෑගලු තරගාවලිය හැඳින්වේ.
     
    මෙහිදී විවෘත පිරිමි තරගයෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ රොහාන් සිරිසේන පරදවා එම ශූරතාව මහනුවර විද්‍යාර්ථ විද්‍යාලයේ උදය රණසිංහ දිනාගත් අතර ඒ 11/07, 17/15, 10/12, 07/11, 11/09, 12/10 වශයෙනි.
     
    කාන්තා විවෘත තරගාවලියේ ශූරතාව අම්බලංගොඩ ධර්මාශෝක විද්‍යාලයේ එරන්දි වරුෂ විතානට හිමි වූයේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ඉෂාරා මධුරංගි පරදවමිනි. එම තරගයේදී 11/09, 07/11, 06/11, 12/10, 11/09, 04/11 සහ 11/06 වශයෙනි.
     
    නැගී එන ක්‍රීඩකයා ලෙස මහනුවර විද්‍යාර්ථ විද්‍යාලයේ  දිනේෂ් කවිශ්ක මහීපාල හේරත් ශූරතාව දිනාගත් අතර නැගී එන ක්‍රීඩිකාව වුයේ අම්බලංගොඩ ධර්මාශෝක විද්‍යාලයේ ඉමේෂා ද සිල්වා ක්‍රීඩිකාවයි.
     
    මෙම තරගාවලියේ තිළිණ හා ජය සංකේත ප්‍රදානය සබරගමු මහ ඇමති මහීපාල හේරත්, සමස්ත ලංකා මේස පන්දු සම්මේලනයේ උප සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී කනක හේරත්,  ශ්‍රී ලංකා මේස පන්දු සම්මේලනයේ ලේකම් සමන් ශ්‍රී රත්නායක යන මහත්වරු ඇතුළු ආරාධිතයින් අතින් සිදු විය.
     
    DB
     
    DSC 0700
     
     
    DSC 0711

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya