අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහජන බැංකුවේ කොළඹ ක්‍රීඩා උළෙල උත්කර්ෂවත්ව

    ජූනි 30, 2014

    මහජන බැංකුවේ ක්‍රීඩා සමාජය සංවිධානය කළ කොළඹ ක්‍රීඩා උළෙල පසුගියදා කොළඹ සී.සී.සී. ක්‍රීඩාංගණයේදී උත්කර්ෂවත්ව පැවැත්විණ.

     
    මෙහිදී ක්‍රිකට්, වොලිබෝල්, පාපන්දු, දැල් පන්දු වැනි ප්‍රධාන ක්‍රීඩා ඉසව් සහ ධාවන තරග, අන්තර් කණ්ඩායම් කඹ ඇදීමේ තරග සහ විනෝදාත්මක ක්‍රීඩා මෙන්ම කුඩා දරුවන් සඳහා ක්‍රීඩා ඉසව් පැවැත්වූ බව මහජන බැංකුව පවසයි.

    මෙම ක්‍රීඩා උළෙලට සහභාගී වූ මහජන බැංකුවේ කොළඹ උතුරු ප්‍රාදේශිකය, කොළඹ දකුණු ප්‍රාදේශිකය, ප්‍රධාන කාර්යාලය සහ ආයතනික බැංකු අංශ කණ්ඩායම් අතරින් සමස්ත ශූරතාව ප්‍රධාන කාර්යාලයීය කණ්ඩායම ද අනුශූරතාව කොළඹ දකුණු කණ්ඩායමද දිනාගන්නා ලදී.

    මහජන බැංකුවේ සභාපති ගාමිණී සේදර සෙනරත්, ප්‍රධාන විධායක නිලධාරී/සාමාන්‍යාධිකාරී එන්. වසන්ත කුමාර් ඇතුළු ආයතනික හා විධායක කළමනාකාරීත්වය සහ මහජන බැංකු කාර්ය මණ්ඩලය සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya