අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පිරිමි හා කාන්තා කබඩි ශූරතා දෙකම නාවික හමුදාවට

    ජූනි 30, 2014
    සමස්ත ලංකා අන්තර් ක්‍රීඩා සමාජ කබඩි තරගාවලිය පසුගියදා රත්නපුර නව නගර ගෘහස්ථ ක්‍රීඩාගාරයේ දී පැවැති අතර මෙහිදී පිරිමි ශුරතාව හා කාන්තා ශූරතාව නාවික හමුදාවට හිමි විය.
     
    පිරිමි අනු ශූරතාව ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ද, කාන්තා අනු ශූරතාව ශ්‍රී ලංකා යුද හමුදාවටද හිමිවිය.
     
    මෙම තරගාවලිය ශ්‍රී ලංකා කබඩි සම්මේලනය සහ රත්නපුර දිස්ත්‍රික් කබඩි සම්මේලනය විසින් සංවිධානය කරන ලදී.
     
    ඒ සඳහා ශ්‍රී ලංකා යුධ, ගුවන්, නාවික, පොලීසිය ඇතුළු දිවයිනේ නන්දෙසින් පැමිණි කබඩි ක්‍රීඩා සමාජ 40ක් සහභාගී වූහ.
     
    දිවා රාත්‍රී තරගාවලියක් ලෙස පැවති මෙම තරගාවලියේ සමාරම්භක දින ප්‍රධාන ආරාධිතයා වශයෙන් සබරගමු මහ ඇමති, ශ්‍රී ලංකා කබඩි සම්මේලනයේ සභාපති මහීපාල හේරත් සාම්ප්‍රදායික කර්මාන්ත සහ කුඩා ව්‍යවසාය සංවර්ධන ඇමති ඩග්ලස් දේවානන්දා මහත්වරු සහභාගී වූහ.
     
    DB
     
    SABARAGAMUWA 1
     
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya