අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාසල් තුළ ක්‍රීඩා සංස්කෘතියක් ඇති කළ යුතුයි

    ජූනි 29, 2014

    මේ රටේ ක්‍රීඩා සංස්කෘතියක් ඇති කොට පාසල් යන සෑම දරුවෙකුටම ක්‍රීඩාව අනිවාර්ය කරන ජාතික වැඩපිළිවෙළක් හැදිය යුතු යැයි ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.


    අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ පසුගිය දින මහනුවර තෙල්දෙනිය උඩවෙල ද්විතීයක පාසලේ පැවැති උත්සවයටකට සහභාගිවෙමිනි.


    "අද පාසල් දරුවෝ ක්‍රීඩා කරන්නේ නෑ. ඒ නිසා දවසින් දවස පාසලෙන් ක්‍රීඩාව ඈත් වෙමින් යනවා. අධ්‍යාපනයට පමණයි අද දරුවා සීමා කරලා තියෙන්නේ. අද පාසල් දරුවෝ ඉන්නවා වැස්සකට දුවපු නැති. දාඩිය ටිකක් ඇඟෙන් දාපු නැති. ඒ නිසා ක්‍රීඩා සංස්කෘතියක් ඇති කොට පාසල් තුළ ක්‍රීඩාව අනිවාර්ය කළ යුතුයි".


    රටක් ලෙසින් ගත් විට ශ්‍රී ලංකාවේ පාසල් යන දරුවන්ගෙන් ක්‍රීඩා කටයුතුවල නියැලෙන්නේ 5%ක් තරම් අඩු ප්‍රමාණයක් බව පෙන්වා දෙන ක්‍රීඩා අමාත්‍යවරයා ආසියානු කලාපයේ අනෙක් රටවල එය 50%කට වැඩි අගයක් ගන්නා බවත් මෙහිදී පෙන්වා දුන්නේය.


    ලබන වසරේ සිට පාසල් තුළට ක්‍රීඩාව විෂයක් හැටියට ගෙනෙන බවත් ඒ හරහා පාසල් දරුවාට ක්‍රීඩාව අනිවාර්ය කිරීමේ ජාතික වැඩසටහන දියත් කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.


    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya