අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ක්‍රීඩා කෞතුකාගාරයේ පළමු අදියර නොවැම්බරයේ දී විවෘත කෙරේ

    ජූනි 29, 2014

    කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේ ටොරින්ටන්හි පිහිටි ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තු ගොඩනැගිල්ලේ ආරම්භ කිරීමට නියමිත ක්‍රීඩා කෞතුකාගාරයේ පළමු අදියර නොවැම්බර් මාසයේ දී ජනතා අයිතියට පත්කිරීමට සැලැසුම් කර ඇතැයි ක්‍රීඩා අමාත්‍යංශය සඳහන් කරයි.


    ඒ අනුව මෙම කෞතුකාගාරය තුළ ජාතික, දකුණු ආසියා හා ආසියාතික මට්ටම් දක්වා ජාත්‍යන්තර පදක්කම් දිනූ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සමරු සටහන් ප්‍රදර්ශනය කිරීමට ද, ලෝක ඔලිම්පික් ශූරයන්ගේ අනුරූප සහිත විශේෂ තොරතුරු ලබාදීම සඳහා ක්‍රීඩා ලේඛන සංරක්ෂණාගාරයක් ද, ක්‍රීඩා පර්යේෂණ අංශයක් ද ස්ථාපිත කිරීමට ක්‍රීඩා අමාත්‍යංශය කටයුතු යොදා ඇත.


    ක්‍රීඩා අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි ක්‍රීඩා කෞතුකාගාරය පිළිබඳ විශේෂ කළමනාකරණ කමිටුවක් පත්කර ඇත.


    ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් පරිදි ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ මඟපෙන්වීම යටතේ මෙම නව කෞතුකාගාරය ඉදි කෙරේ.


    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya