අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සීෂෙල්ස් රාජ්‍යයේ පළමු මහකොමසාරිස් ලෙස රජත පියතිස්ස වැඩභාරගනී

    ජූනි 28, 2014

    සීෂෙල්ස් රාජ්‍යයේ ශ්‍රී ලංකාවේ පළමු නේවාසික මහ කොමසාරිස් වරයා ලෙස පත් ව සිටින රජත පියතිස්ස මහතා පසුගිය අඟහරුවාදා සීෂෙල්ස් ජනාධිපති ජේම්ස් මිෂෙල් මැතිතුමාට එහි රාජ්‍ය මන්දිරයේ දී සිය අක්තපත්‍ර පිළිගන්වන ලදී.


    රාජ්‍ය මන්දිරය වෙත පැමිණි පියතිස්ස මහතාව සම්මාන ආචාර සහිතව පිළිගැනීමට එරට රජය කටයුතු කර තිබිණි.

     

    Sri Lankan High Commissioner to Seychelles Rajatha Piyatissa -


    1988 ඔක්තෝබර් 3 වැනි දා ශ්‍රී ලංකාව හා සීෂෙල්ස් රාජ්‍යය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ආරම්භ වී ඇත. සී ෂෙල්ස් රාජ්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ලෙස රජත පියතිස්ස මහතා පසුගිය ජූනි 06 වැනි දා අරලියගහ මන්දිරයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා අතින් සිය පත්වීම් ලිපිය ලබා ගන්නා ලදී.


    සීෂෙල්ස් රාජ්‍යයේ පළමුවරට ශ්‍රී ලංකා රාජ්‍යදූත කාර්යාලයක් අද (28) ආරම්භ වීමට නියමිතය. මේ වනවිට සීෂෙල්ස් රාජ්‍යය වෙත ගොස් සිටින ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා අතින් නව කාර්යාලය විවෘත කිරීමට නියමිත ව තිබෙන බව සීෂෙල්ස් ආරංචි මාර්ග සඳහන් කරයි.


    සීෂෙල්ස් රාජ්‍යයේ අගනුවර වන වික්ටෝරියාහි දැනට ලංකා බැංකු කාර්යාලය විවෘත කර තිබෙන කැපිටල් සිටි ගොඩනැගිල්ලේ ම නව රාජ්‍යදූත කාර්යාලය විවෘත කෙරේ. පසුගිය ජනවාරි මාසයේ ලංකා බැංකුවේ හතරවැනි විදේශ ශාඛාව ලෙස සීෂෙල්ස් රාජ්‍යයේ වික්ටෝරියා ශාඛාව විවෘත කරන ලද අතර එය විවෘත කරන ලද්දේ සීෂෙල්ස් රාජ්‍යයේ උප ජනාධිපති ඩැනී ෆවුරේ මැතිතුමා විසිනි.

     

    Capital City building victoria ceyshells


    සීෂෙල්ස් රාජ්‍යය හා ශ්‍රී ලංකාව අතර රාජ්‍යදූත මෙහෙවර ආරම්භ කරමින් අක්තපත්‍ර පිළිගැන්වීමෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවේ දී රජත පියතිස්ස මහතා පැවසුවේ ඉදිරියේ ඇති අභියෝගවලට මුහුණ දීමට තමන් සූදානම් බවයි.


    2012 දී සීෂෙල්ස් රාජ්‍ය නායකයා ශ්‍රී ලංකාවේ සංචාරයක නියැළුණ අතර එහිදී දෙරට අතර සෞඛ්‍ය. කම්කරු හා අධ්‍යාපන ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක ගිවිසුම්වලට එළැඹිණි. එම ගිවිසුම් ඉටුකරමින් ධීවර සහයෝගිතා ඉහළ නැංවී තිබෙන අතර සීෂෙල්ස් රජ්‍යය වෙත මිහින් ලංකා ගුවන් සේවාවන් ද ආරම්භ කර ඇත.


    HC

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya