නොවැම්බර් 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    එක්සත් ජනපදයේ ශ්‍රී ලංකා තානාපති ප්‍රසාද් කාරියවසම්

    ජූනි 28, 2014

    ඇමරිකා එක්සත් ජනපදයේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස ප්‍රසාද් කාරියවසම් මහතා පසුගිය සඳුදා සිය රාජකාරි ආරම්භ කරන ලද අතර ජූලි 15 වැනි දා කාරියවසම් මහතා වයිට් හවුස්හි ඕවල් කාර්යාලයේදී ජනාධිපති බැරක් ඔබාමා මහතා මුණ ගැසී සිය අක්තපත්‍ර භාරදීමට නියමිතය.


    කාරියවසම් මහතා ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා ලෙසත් භූතානයේ හා ඇෆ්ගනිස්ථානයේ තානාපති ලෙසත් ඊට පෙර කටයුතු කළේය.


    1954 වර්ෂයේ උපත ලද කාරියවසම් මහතා 1981 වන විට ශ්‍රී ලංකා විදේශ සේවයට එක් විය. 2001 දී ඉන්දියාවේ ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස් ලෙස කටයුතු කර තිබේ. 2001 – 2004 වර්ෂයන් සඳහා ජිනීවාහි එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ලෙසද, ජී-15 වෙනුවෙන් ශ්‍රී ලංකාවේ නියෝජිතවරයා ලෙස ද ස්විට්සර්ලන්තයේ ශ්‍රී ලංකා කොන්සල් ජෙනරාල්වරයා හා වතිකානුවේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙසද සේවය කර තිබේ.

     

    HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya