මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වසර 30කට පසුව යාපනයට ජාතික මට්ටමේ පාපන්දු තරඟාවලියක්

    ජූනි 28, 2014

    වසර 30කට පසුව පළමු වතාවට අති විශාල ජනතාවකගේ සහභාගිත්වයෙන් “ශූරයන්ගේත් ශූරයා” පාපන්දු කුසලාන තරගාවලිය යාපනය දොරේඅප්පා ක්‍රීඩාංගණයේදී පසුගිය දා නිමාවට පත්විය.


    උතුරු පළාත් වැසියන් අතර පාපන්දු ක්‍රීඩාවට දැඩි ඇල්මක් පවතින බැවින් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය විසින් පළමු වරට මෙය සංවිධානය කරන ලදී.


    "ශූරයන්ගේත් ශූරයා" පාපන්දු කුසලාන තරගය ශ්‍රී ලංකා නාවික හමුදා පාපන්දු කණ්ඩායම හා ශ්‍රී ලංකා යුධ හමුදා පාපන්දු කණ්ඩායම අතර පැවැත්වුණි. එහිදී දඬුවම් පහර 5-4ක් ලෙස ජය හිමි කරගත්තේ ශ්‍රී ලංකා යුධ හමුදා පාපන්දු කණ්ඩායමයි.


    උතුරු පළාතේ ක්‍රිඩාව කෙරෙහි උනන්දුව ඇති කිරීම මෙන්ම වසර 30 කට අධික කාලයක් යුධ ගැටුම්වලින් පීඩාවට පත්ව සිටි ජනතාවගේ මානසිකත්වය ක්‍රිඩාව තුලින් ප්‍රතිසන්ධානය කරා නැඹුරු කිරීම සඳහා මෙවැන්නක් සංවිධාන කිරීමට හේතු වූ බව ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති රන්ජිත් රොද්‍රිගු මහතා එහිදී සඳහන් කර සිටියේය.


    රොද්‍රිගු මහතා තව දුරටත් අදහස් දක්වමින් කියා සිටියේ ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය උතුරු හා නැගෙනහිර තරුණයන් පාපන්දු ක්‍රීඩාවට නැඹුරු වීම සඳහා උනන්දු කරන අතරම, ක්‍රමවත් පුහුණුවක් හරහා ඔවුන් ජාතික හා ජාත්‍යන්තර මට්ටමට රැගෙන ඒම තමන්ගේ අරමුණ වූ බවත්ය. තරගය නැරඹීමට පැමිණ සිටි දසදහස් සංඛ්‍යාත ක්‍රීඩා ලෝලීන් දෙස බැලීමෙන් එම අරමුණ සාක්ෂාත් කරගැනීම ගැන සුභවාදීව සිතිය හැකි බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.


    HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya