අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විජයග‍්‍රාහි ශ්‍රී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායම දිවයිනට

    ජූනි 27, 2014

    එංගලන්තයට එරෙහිව ලීඩ්ස්හිදී පැවැති දෙවැනි ටෙස්ට් තරගයෙන් ලකුණු 100ක ජයක් ලබමින් පළමු වරට එංගලන්තයේදී ටෙස්ට් තරගාවලි ජයක් ලැබූ ශ්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායම ඊයේ (26) පස්වරුවේ යූ.එල්. 504 දරණ ගුවන් යානයෙන් ශ්‍රී ලංකාවට පැමිණියහ.

    එංගලන්ත සංචාරයේදි මුලින් පැවති පන්දුවාර විස්සයි/20 තරගය ජයගත් ශ්‍රී ‍ලංකා කණ්ඩායම එක්දින තරගාවලිය තුනට දෙකක් ලෙස ජයග‍්‍රහණය කළේය. තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය ද එකට බින්දුවක් ලෙස ජයග‍්‍රහණය කරමින් ශ්‍රී‍්‍ර ලංකා කණ්ඩායම කි‍්‍රකට් ඉතිහාසයට නවතම පරිච්ඡේදයක් එක්කළහ.

     

    ශ්‍රී ලංකාවට පැමිණි කි‍්‍රකට් කණ්ඩායම අගය කිරීම වෙනුවෙන් උත්සව කිහිපයක් සංවිධාන කර තිබිණි. ශ්‍රී ලංකා කණ්ඩායම කටුනායක ගුවන්තොටුපළට පැමිණීමෙන් පසුව ශී‍්‍ර ලංකා කි‍්‍රකට් නිලධාරීන් විසින් චාම් අයුරින් පිළිගන්නා ලද අතර පසුව ටෙස්ට් සහ එක්දින නායක ඇන්ජලෝ මැතිව්ස් සහ විස්සයි/20 නායක ලසිත් මාලිංග ක‍්‍රිකට් ආයතනයේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකට සහභාගි වූහ.

     

    මාධ්‍ය හමුවෙන් පසුව කේක් ගෙඩියක් කපා තරගාවලියේ ජයග‍්‍රහණය සැමරීය. මාධ්‍ය හමුවට ශ්‍රී ලංකා පිලේ පුහුණුකරු මාවන් අතපත්තු සහ කළමනාකරු මයිකල් ද සොයිසා යන මහත්වරු ද සහභාගි වූහ.

    MAP

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya