අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මධ්‍යම පළාත් මළල ක්‍රීඩා ඔලිම්පික් ගිනි සිළුව රැගෙන ඒම අද

    ජූනි 26, 2014
    මේ මස 30වන දින සිට ජුලි මස 04 වන දින දක්වා මහනුවර බෝගම්බර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මධ්‍යම පළාත් පාසල් මළල ක්‍රීඩා තරගාවලිය සඳහා ඔලිම්පික් ගිනි සිළුව රැගෙන ඒම අද (26) නුවරඑළිය බෞද්ධ මන්දිරය අභියසින් ආරම්භ කෙරිණ.
     
     
    මෙම සමාරම්භක අවස්ථාවට නුවරඑළිය දිස්ත්‍රික් නායක, ශ්‍රී ලංකා නිදහස් පක‍්ෂයේ උප ලේකම්, නුවරඑළිය දිස්ත්‍රික් ක්‍රිකට් සංගමයේ  සභාපති, පුද්ගලික ප්‍රවාහන සේවා අමාත්‍ය සී.බී. රත්නායක, පළාත් අධ්‍යාපන අධ්‍යක‍්ෂ තිලක් ඒකනායක, කලාප අධ්‍යාපන අධ්‍යක‍්ෂ පී. අමරසිරි, පළාත් ක්‍රීඩා අධ්‍යක‍්ෂ අතුල ජයවර්ධන යන මහත්වරුන් සහභාගි වූහ. 
     
    මධ්‍යම පළාත් පාසල් ක්‍රීඩාවට ආකර්ෂණයක් ඇති කිරීම, පාසල් දරුවන් ක්‍රීඩාවට නැඹුරුකර ගැනීම, ක්‍රීඩාව කෙරෙහි දෙමාපියන්ගේ උන්දුවක් ඇති කිරීම, මධ්‍යම පළාතේ ක්‍රීඩාවට සම්බන්ධ දරුවන් සහ ශාරීරික අධ්‍යාපන ගුරුවරුන් සඳහා අභිමානයක් ලබාදීම මෙවර මධ්‍යම පළාත් පාසල් මළල ක්‍රීඩා තරගාවලියේ අරමුණු වෙති. 
     
    මෙම ඔලිම්පික් ගිනි සිළුව නුවරඑළියේ සිට කොත්මලේ, ගම්පොළ, දෙනුවර ඔස්සේ මහනුවර බෝගම්බර ක්‍රීඩාංගණය වෙත රැගෙන ඒමට නියමිතය.
     
    "මහරත්මලේ සුවඳ හමන සෞභාග්‍යමත් මැදරට පාසල් ක්‍රීඩාවේ ඉතිහාසයට අලුත්යමක් එකතු කරමු" යන්න මෙවර මධ්‍යම පළාත් පාසල් මළල ක්‍රීඩා උළෙලේ තේමාවයි. 
     
     
    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya