මැයි 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඇමරිකාවට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල විය හැකි බවට පෙන්ටගනය අනතුරු අඟවයි

    ජූලි 03, 2015

    ඇමරිකා එක්සත් ජනපදයේ නිදහස් දිනය සමරන හෙට දිනයේ (ජූලි 04) අයිඑස්අයිඑස් සටන්කාමීන්ගෙන් ඇමරිකාවට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල විය හැකි බවට පෙන්ටගනය අනතුරු අඟවා ඇත.

     

    මාණ්ඩලික ප්‍රධානීන්ගේ මණ්ඩලයේ සභාපති, ජෙනරල් මාටින් ඩෙම්ප්සේ, ඉදිරි නිවාඩු දිනවල දී අයි එස් ත්‍රස්තයන් විසින් පොළඹවන ලද තනි තනි පුද්ගලයන් විසින් පවා ප්‍රහාර එල්ල කිරීමේ තර්ජනයක් පවතින බවය.

     

    එපමණක් නොව, විමර්ශන ෆෙඩරල් කාර්යාංශය (FBI ආයතනය) සහ ස්වදේශ ආරක්ෂක දෙපාර්තමේන්තුව ද ජාතික නිවාඩු දිනයක් යෙදී තිබෙන සති අන්තයේ දී අන්තවාදීන්ගෙන් ප්‍රහාර එල්ල විය හැකි බවට රතු සංඥා නිකුත් කර ඇති අතර පොලීසිය හා ආරක්ෂක අංශ නිලධාරීන්ට දැඩි අවධානයෙන් සිටීමට උපදෙස් සපයා තිබේ.

     

    ඉකුත් සතියේ ප්‍රංශයේ , ටියුනීසියාවේ හා කුවේටයේ ඇති වූ ත්‍රස්ත ප්‍රහාරවලින් පුද්ගලයන් 60 දෙනකුට වැඩි සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත්ව ඇත. මේ හැම ප්‍රහාරයකටම අයි එස් ත්‍රස්තයන් සම්බන්ධ බවට තොරතුරු ලැබී තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya