නොවැම්බර් 22, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අනාගත පරපුරට සාමකාමී, සමෘද්ධිමත් දේශයක් භාරදීමට රජයට හැකිවී තිබෙනවා

    මැයි 05, 2014
    නොබිඳුණු නොකැඩුණු සාමකාමී සමෘද්ධිමත් දේශයක් අනාගත පරපුරට භාරදීමට වත්මන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු රජයට හැකිවී තිබෙන බවත් එවන් රටක් භාර ගැනීම සඳහා දැනුමෙන් පිරි පිරිසක් බිහිකිරීමට හැකි උපරිමයෙන් ක‍්‍රියා කරන බවත් ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ප‍්‍රකාශ කළේය. 
     
    අමාත්‍යවරයා මේ බව ප‍්‍රකාශ කළේ පසුගියදා ගම්පහ සිසු සිසුවියන් හාරසිය විසි හය දෙනෙකුට ලිය අබිමන් දිරිය දරු නැණ පහන් ශිෂ්‍යත්ව ප‍්‍රදානය කිරීම වෙනුවෙන් සුමේධ ශාලාවේ පැවැති උත්සවයට සහභාගි වෙමිනි.
     
    අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ සංකල්පයකට අනුව ගම්පහ දිස්ත‍්‍රික්කයේ ක‍්‍රියාත්මක කරනු ලබන ලිය අබිමන් සංවිධානය හරහා අමාත්‍යවරයාගේ පුද්ගලික ධනයෙන් මෙම ශිෂ්‍යත්ව ප‍්‍රදානය කරන ලදී. 
     
    ගම්පහ පක්ෂ කාර්යාලයට දෙමාපියන්ගෙන් ලැබුණු ඉල්ලීම් සලකා බලා විවිධ නිර්ණායකයන් ඔස්සේ මෙම ශිෂ්‍යත්වලාභීන් තෝරාගනු ලැබූ අතර එයට පළමු වසරේ සිට විශ්වවිද්‍යාල මට්ටම දක්වාවූ අධ්‍යාපනය ලබන සිසු සිසුවියන් 426 දෙනෙකු ඇතුළත් විය. 
     
    මෙවන් ශිෂ්‍යත්ව ලබා දෙන්නේ දරුවන්ගේ අඩුපාඩුවක් නිසා නොව ඔවුන්ට තවත් ශක්තියක් ලබාදීමට බවත් මේ සියල්ල ලබාදීමෙන් අපේක්ෂා කරන්නේ දැනුමෙන් පිරි රටට සේවය කළ හැකි පිරිසක් නිර්මාණය කිරීම බවත් අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේය. 
     
    ලෝකය කොතරම් තාක්ෂණික වශයෙන් දියුණුවී තිබුණත් යම් යම් සිද්ධීන් පාලනය කිරීමට නොහැකි වී ඇති බව උදාහරණ මගින් පෙන්වා දෙමින් අමාත්‍යවරයා කියා සිටියේ එවන් අවස්ථාවකදී දරුවන් මුහුණදෙනු ලබන විවිධ අර්බුදකාරී තත්ත්වයන්ට පිහිටවීමට රජය නිරන්තරයෙන්ම බැඳී සිටින බවයි. 
     
    හොඳ දැනුම තිබෙන පිරිසකට මේ රට භාර දීමට අවශ්‍ය බවත් නූගත් අයෙකුට මේ රට භාර දුන්නොත් රට විනාශයට පත්වන බවත් පෙන්වාදුන් අමාත්‍යවරයා තාක්ෂණයෙන් හා දැනුමෙන් යුත් පිරිසකට රට දියුණු කළ හැකි බවත් වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.
     
    මෙම අවස්ථාවට නියෝජ්‍ය අමාත්‍යවරුන් වන ඩුලිප් විජේසේකර, ලසන්ත අලගියවන්න, ගම්පහ නගරාධිපති එරංග සේනානායක යන මහත්වරු ඇතුළු මහජන නියෝජිතයෝ පිරිසක්ද ගම්පහ දිස්ත‍්‍රික් ලේකම්  ජේ. ජේ. රත්නසිරි මහතා ඇතුළු රජයේ නිලධාරීහු පිරිසක්ද එක්ව සිටියහ.
     
    DB
     
    GAMPHA SCOLL 1
     
    GAMPHA SCOLL 2
     
    GAMPHA SCOLL 3

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya