අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අත්තනගල්ලට සහ දොම්පේ මැතිවරණ කොට්ඨාසවලට ළමා හා මාතෘ සායන පහක්

    මැයි 05, 2014
    අත්තනගල්ල සහ දොම්පේ මැතිවරණ කොට්ඨාසවලට අයත් ළමා හා මාතෘ සායන මධ්‍යස්ථාන පහක් පසුගිය දින "ලිය අබිමන්" සංවිධානයේ සභාපතිනී නීතිඥ පුෂ්පා රාජපක්ෂ මහත්මිය විසින් විවෘත කර ජනතා අයිතියට පත්කරන ලදී. 
     
    ඒ අනුව අත්තනගල්ල ආසනයට අයත් රන්පොකුණගම, තිහාරිය, වේයන්ගොඩ ළමා හා මාතෘ සායන මධ්‍යස්ථාන තුනද, දොම්පේ ආසනයට අයත් වානලුව සහ පූගොඩ ළමා හා මාතෘ සායන මධ්‍යස්ථාන දෙක ජනතා අයිතියට පැවරිණි.
     
    ගම්පහ දිස්ත්‍රික්කයේ සංවර්ධන ක්‍රියාවලිය ගමින් ගමට ගෙන යමින් යටිතල පහසුකම් සංවර්ධන කටයුතු සහ ජීවනෝපාය සංවර්ධන කටයුතුවලට සමගාමීව ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ සංකල්පයකට අනුව ආර්ථික සංවර්ධන අමාත්‍යංශ ප්‍රතිපාදන යටතේ මෙම ළමා හා මාතෘ සායන මධ්‍යස්ථාන ඉදිකිරීම සිදු කරයි. 
     
    මෙහි ප්‍රථම අදියර යටතේ එක් මැතිවරණ කොට්ඨාසයකට ළමා හා මාතෘ සායන මධ්‍යස්ථාන පහක් බැගින් ඉදිකිරීම හෝ නවීකරණය කිරීම ආරම්භ කරන ලදී. ඒ අනුව ගම්පහ දිස්ත්‍රික්කය තුළ පිහිටි මැතිවරණ කොට්ඨාස 13 තුළ පළමු අදියර යටතේ ළමා හා සායන මධ්‍යස්ථාන 65ක් ඉදිකරන ලදී. 
     
    මෙම අවස්ථාවන්ට ඛනිජ තෙල් නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන මහතා ඇතුළු මහජන නියෝජිත පිරිසක්ද, ගම්පහ සෞඛ්‍ය අධ්‍යක්ෂ සුදත් ධර්මවර්ධන මහතා ඇතුළු සෞඛ්‍ය සේවයේ නියුතු නිලධාරීන් රැසක්ද ඇතුළු ප්‍රදේශයේ මව්වරුන් විශාල පිරිසක් පැමිණ සිටියහ.
     
    DB
     
    GAMPHA CLINIC 1
     
    GAMPHA CLINIC 2
     
    GAMPHA CLINIC 3
     
     
    GAMPHA CLINIC 4

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya