මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික පොත් ප්‍රදර්ශනය සෑම වසරකම මැයි මස 02

    මැයි 04, 2014

    සෑම වසරකම මැයි මස 02 වැනිදා ජාතික පොත් ප්‍රදර්ශනය පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇති බවත් වැඩකරන ජනතාවගේ දරුවන්ට අධ්‍යාපනය සඳහා අවශ්‍ය පොත් මිලදී ගත හැකි වන සේ කම්කරු දිනය යෙදෙන මැයි 01දාට පසුදින මෙම අධ්‍යාපනික පොත් ප්‍රදර්ශනය පවත්වන බවත් අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය .


    අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ පසුගියදා ‍අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයේ දෙවන වරටත් පැවැත්වූ ජාතික අධ්‍යාපනික පොත් ප්‍රදර්ශනයේ ආරම්භක අවස්ථාවට එක් වෙමිනි.

     

    කම්කරු දිනය සැමරීමට කොළඹට පැමිණෙන ග්‍රාමීය වැඩකරන ජනතාවගේ දරුවන්ට අවශ්‍ය පොත් මෙහිදී පහසුවෙන් මිලදී ගැනීමට හැකිවන බවත් එය වැඩකරන ජනතාවගේ දරුවන් වෙනුවෙන් ගත් තීරණයක් බවත් ඇමැතිවරයා සඳහන් කළේය.


    සියලු විභාග ඉලක්ක කර ගත් දෙස් විදෙස් පොත් ඇතුළත් පොත් ප්‍රදර්ශනය ලබන 11 වැනි දා දක්වා බත්තරමුල්ල, අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවැත්වේ.

     

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya