මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලක් පොහොර නව රසායනාගාරය ඇමති බැසිල් විවෘත කරයි

    මැයි 04, 2014

    ලංකා පොහොර සමාගමේ නව රසායනාගාරය පසුගියදා ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් විවෘත කෙරිණි.


    ලංකා පොහොර සමාගමේ ස්වර්ණ ජයන්තිය වෙනුවෙන් පැවැත්වෙන වැඩසටහන් මාලාවට සමගාමීව මේ විවෘත කිරීම සිදු කර තිබේ.

     

    වත්තල, හුණුපිටියේ පිහිටි ලංකා පොහොර සමාගමේ ප‍්‍රධාන කාර්යාල පරිශ‍්‍රයේ මෙම නව රසායනාගාරය ස්ථාපිත කර ඇත. නව රසායනාගාරය මඟින් පොහොරවල ප‍්‍රමිතිය පරීක්‍ෂා කිරීම, පොහොරවල සංයුතිය පරීක්‍ෂා කිරීම, පස් සාම්පල් පරීක්‍ෂා කිරීම, පොහොර ඇසුරුම් මලුවල තත්ත්ව පරීක්‍ෂාව සහ කෘෂිකාර්මික ක්ෂේත‍්‍රයේ අනෙකුත් රසායනාගාර කටයුතු සිදු කළ හැකි වේ.


    1964 වසරේ ආරම්භ කළ ලංකා පොහොර සමාගම 1992 වසරේදී සමාගමක් බවට පත් කර ඇත. කලක් පාඩු ලබන තත්ත්වයේ පැවති මෙම ආයතනය 2013 වසරේදී මහා භාණ්ඩාගාරයට ලාභාංශ වශයෙන් රුපියල් මිලියන 39ක් ලබාදී ඇත. එසේම ISO 9001 තත්ත්ව සහතිකය, ISO 17025:2005 තත්ත්ව සහතිකය ඇතුළු සම්මාන රැසක්ද හිමිකරගෙන තිබේ. රජයේ පොහොර සහනාධාර වැඩසටහන යටතේ වී වගාව සඳහා ලබාදෙන පොහොර සහනාධාරයෙන් සියයට 65ක ප‍්‍රමාණයක් ලංකා පොහොර සමාගම මඟින් ලබා දෙනු ඇත.

     

    මෙම අවස්ථාවට කෘෂිකර්ම අමාත්‍ය මහින්ද යාපා අබේවර්ධන, කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය වයි.ජී. පද්මසිරි, බස්නාහිර පළාත් සභා අමාත්‍ය නිමල් ලන්සා, කැලණිය ප‍්‍රාදේශීය සභාවේ සභාපති ප‍්‍රසන්න රණවීර, ලංකා පොහොර සමාගමේ සභාපති බුද්ධික මඩිහහේවා යන මහත්වරු එක්ව සිටියහ.


    NDH/med

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya