අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    "නිදහස" ප‍්‍රදර්ශනයට ජාත්‍යන්තර මට්ටමේ රූපලාවන්‍යාගාරයක්

    මැයි 03, 2014
    2014 ලෝක තරුණ සම්මේලනයට සමගාමීව ලබන 07දා සිට 09 දක්වා කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ දී පැවැත්වෙන "නිදහස" ජාත්‍යන්තර මට්ටමේ ප‍්‍රදර්ශනයට ජාත්‍යන්තර මට්ටමේ රූපලාවන්‍යාගාරයක් ඉදිරිපත් කිරීමට කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය කටයුතු සංවිධානය කොට ඇත. 
     
    මෙම ප‍්‍රදර්ශනය තුළ කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ මූලිකත්වයෙන් ‘Salon B 2’ නමින් ඉතා ආකර්ෂණීය අන්දමින් පැවැත්වීමට කටයුතු යොදා ඇති බව කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ අධ්‍යක්ෂ සුධීර ජයරත්න මහතා සඳහන් කළේය. 
     
    දිවයින පුරා විසිරී සිටින රූපලාවන්‍ය ශිල්පීන් ඒකරාශී කොට ඔවුන් අතරින් විශේෂ දක්ෂතා ඇති අය සම්මුඛ පරීක්ෂණයක් මඟින් තෝරා මෙම රූපලාවන්‍යාගාරයේ කටයුතු සඳහා යෙදවීමට කටයුතු යොදා ඇති බවත්, ප‍්‍රදර්ශනය නැරඹීමට පැමිණෙන මහජනතාව සඳහා මෙම රූපලාවන්‍යාගාරයෙන් සහන මිලට රූපලාවන්‍ය කටයුතු ඉටු කර ගත හැකි බවත් ඒ මහතා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේය.
     
    මෙම රූපලාවණ්‍යාගාරය අන්තර්ජාතික මට්ටමේ සියලු අංගෝපාංගයන්ගෙන් ද, සියලු පහසුකම්වලින් ද අනූන වන අතර, මෙය ශ‍්‍රී ලාංකීය තරුණ තරුණියන්ට ලැබෙන මහඟු අවස්ථාවක් බැවින්, මෙම අවස්ථාවට ඇරයුම් කරන බව ද අධ්‍යක්ෂවරයා සඳහන් කර සිටියේ ය.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya