ත්‍රිකුණාමලය පැරණි ඕලන්ද නාවික කොමසාරිස් නිල නිවසේ ඉදිකෙරෙන සමුද්‍ර හා නාවික කෞතුකාගාරය මැයි 09දා සිට මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත කෙරේ. ශ්‍රී ලංකාවේ නාවික කටයුතු ඉතිහාසය පිළිබඳව සහ මුහුදු පුරාවස්තු පිළිබඳ තොරතුරු ඇතුළත් ප්‍රදර්ශන මැදිරිවලින් මෙම කෞතුකාගාරය සමන්විත වේ. නවීන ශ්‍රවණාගාරය ආසන 100කින් සමන්විත වන අතර නාවික හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන ආපන ශාලාවක් ද එයට ඇතුළත් වේ.