මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කෑගල්ලේ කාන්තා ගොවි සමිති නගාසිටුවීමේ වැඩපිළිවෙළක්

    මැයි 02, 2014

    කෑගල්ල දිස්ත්‍රික්කය තුළ කාන්තා ගොවි සමිති දිරිමත් කිරීමේ විශේෂ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇතැයි කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය වයි.ජී. පද්මසිරි මහතා කෑගල්ල දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුවට සහභාගී වෙමින් පසුගියදා ප්‍රකාශ කළේය.


    රුපියල් ලක්ෂ 43ක ඇස්මේන්තුගත මුදලක් මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට වෙන්කරන බව නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහි දී වැඩිදුරටත් සඳහන් කළේය. ඒ අනුව දිස්ත්‍රික්කයේ ගොවි සංවිධාන හෝ කාන්තා ගොවි සමිති 300ක් ආවරණය වන පරිදි එක් සමිතියකට සාස්පාන් 03ක් සහිත කට්ටලයක්, මධ්‍යම ප්‍රමාණයේ තාච්චියක් හා තේ පෝච්චියක් ලබා දීමට කටයුතු කෙරේ. මේ සඳහා එක් සමිතියකට රුපියල් 8000ක මුදලක් හිමිවන පරිදි ඇස්තමේන්තු මුළු මුදල රුපියල් ලක්ෂ 24කි.


    එමෙන්ම තෝරාගත් කාන්තා ගොවි ව්‍යවසායිකාවන් 70 දෙනෙක් දිරි ගැන්වීම ද මෙම ව්‍යාපෘතිය යටතේ සිදු කිරීමට නියමිතව ඇත. ඒ යටතේ ආවරණ කූඩය සහිත කොළ කැඳ නිෂ්පාදන කට්ටල 50ක් හා ජංගම පලතුරු අලෙවි සැල් 20ක් ලබා දීමට කටයුතු කෙරේ. මේ සඳහා රුපියල් ලක්ෂ 19ක මුදලක් වෙන් කිරීමට නියමිතය.
     

    කෑගල්ල අතිරේක දිස්ත්‍රික් ලේකම් අබේවික්‍රම වනසූරිය, දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂක අමල් අරුණප්‍රිය, කෑගල්ල සහකාර දිස්ත්‍රික් ලේකම් නදීර ලක්මාල්  යන මහත්වරු ඇතුළු රාජ්‍ය නිලධාරීන් හා ගොවි සමිති ක්‍රියාකාරීන් රැසක් මේ අවස්ථාවට සහභාගී වූහ.

     ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya