අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඌන භාවිත පලතුරු ප්‍රචලිත කිරීමේ ව්‍යාපෘතියක් කෑගල්ලෙන් ආරම්භ කරයි

    මැයි 02, 2014

    නීරෝගීමත් මතු පරපුරක් අප රටට දායාද කිරීමේ කර්තව්‍ය පෙරදැරිව වස විස සහිත ආනයනනික මිල අධික පලතුරු භාවිතය අමව කර ඌන භාවිත පලතුරු ප්‍රචලිත කිරීමේ විශේෂ ව්‍යාපෘතියක් කෘෂිකර්ම අමාත්‍යංශය මගින් කෑගල්ල දිස්ත්‍රික්කය තුළ ආරම්භ කිරීමට සැලසුම් කර ඇත.


    මේ යටතේ කජු පුහුලන්, වීර, පලු, මොර, දං, මාදං, බෝවිටියා, වෙරළු, ලාවුළු, ජම්බු, පිනි ජම්බු, නමිනම්, ලොවි, උගුරැස්ස, බිලිං, කාමරංකා, නෙල්ලි, හිඹුටු, ඇඹුල් පේර, ඇටඹ, මී අඹ, වැල වරකා, අනෝදා, වැල් අනෝදා යන පලතුරු මේ යටතේ සැලසුම් කර ඇත.

    කෑගල්ල දිස්ත්‍රික්කයේ සෑම ග්‍රාම නිලධාරී වසමක් ම ආවරණය වන පරිදි දිවි නැගුම ව්‍යාපෘතිය සාර්ථකව සංවර්ධනය වූ පවුල් ඒකක 10 බැගින් තෝරා මෙම ඌන භාවිත පලතුරු පැළ බෙදා දීම සිදු කරයි. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් පැළ ලබා දෙන අතර, පළාත් කෘෂිකර්ම අමාත්‍යංශය මගින් වගාකරුවන් පාසල් හා ආයතන වෙත මෙම ව්‍යාපෘතිය හඳුන්වා දෙනු ලබයි. එසේම කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මගින් මේ සම්බන්ධව ආයතන ප්‍රධානීන් දැනුවත් කිරීම සිදු කරයි.


    ආරම්භයේ දී පුද්ගලයින් හා ආයතන 825ක් මෙම ව්‍යාපෘතිය හා බද්ධ වේ. මේ සඳහා රුපියල් ලක්ෂ 15ක පමණ ප්‍රතිපාදන වෙන් වී ඇත.

    කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය වයි.ජී. පද්මසිරි මහතාගේ සංකල්පයක් අනුව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වේ.

    ECB/LT_dmu_kegalle

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya