අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    හුණුපිටිය සහ සිංහාරමුල්ලට ළමා හා මාතෘ සායන

    මැයි 01, 2014

    ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතාගේ සංකල්පයකට අනුව ගම්පහ දිස්ත‍්‍රික්කය තුළ ක‍්‍රියාත්මක කරනු ලබන ළමා හා මාතෘ සායන නවීකරණය හා අලුතින් ඉදිකිරීමේ වැඩසටහන යටතේ මේ වන විට ළමා හා මාතෘ සායන 60ක් අංගසම්පූර්ණ ලෙස නවීකරණය කර ඇති බව ලිය අබිමන් සංවිධානයේ සභාපතිනී නීතිඥ පුෂ්පා රාජපක්‍ෂ මහත්මිය පැවසුවාය.


    ඒ මහත්මිය මේ බව ප‍්‍රකාශ කළේ පසුගියදා කැලණිය ආසනයට අයත් නවීකරණය කරන ලද හුණුපිටිය සහ සිංහාරමුල්ල ළමා හා මාතෘ සායන 02ක ජනතා අයිතියට පත්කරමිනි.


    නිරෝගී සෞඛ්‍ය සම්පන්න දරු පරපුරක් දැයට බිහිකිරීමේ අරමුණින් ඉදිකරනු ලබන මෙම ළමා හා මාතෘ සායන ඉහළම ප‍්‍රමිතියේ පහසුකම්වලින් සමන්විත වන බවත් මෙම වැඩසටහනෙහි පරමාර්ථය වන්නේ ද ගර්භනී මව්වරුන්ට සහ ළදරුවන්ට ලබාදිය හැකි ඉහළම සෞඛ්‍ය පහසුකම් ලබාදීම බවත් රාජපක්ෂ මහත්මිය පැවසුවාය. ගම්පහ දිස්ත‍්‍රික්කයේ සෑම මැතිවරණ කොට්ඨාසයකටම අවම වශයෙන් ළමා හා මාතෘ සායන මධ්‍යස්ථාන පහක් බැගින් හෝ ඉදිකිරීමට අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතා තීරණය කර ඇතැයි පැවසූ එතුමිය මෙම සම්පත් මතු පරපුරට ද භාවිත කළ හැකි පරිදි ආරක්‍ෂා කිරීම සැමගේ යුතුකමක් බවද පෙන්වා දුන්නාය.


    මානෙල්ගම ළමා හා මාතෘ සායනයේ ඉදිකිරීම් කටයුතුද මේ වන විට අවසන් කර ඇත. එයද නුදුරේදීම ජනතා අයිතියට පත් කිරීමට නියමිතය. මේ අනුව කැලණිය ආසනයට ළමා හා මාතෘ සායන 5ක් ලබාදීමට පියවරගෙන ඇත. ළමා හා මාතෘ සායනයකට අවශ්‍ය නවීන පහසුකම්වලින් සමන්විතව මේවා ඉදිකර ඇති අතර ඒවාට අවශ්‍ය සියලු උපකරණ ලබාදීමට ද කටයුතු කර ඇත.


    NDH/MED

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya