නොවැම්බර් 22, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොළඹ කි‍්‍රයාදාමයේ සමුළුව ලබන 06 හා 07කොළඹදී

    මැයි 01, 2014

    විදේශ රටවලට ශ‍්‍රමිකයන් සපයන ආසියානු රටවල සංගමය හෙවත් කොළඹ කි‍්‍රයාදාමයේ සමුළුව ලබන 06 හා 07 දෙදින කොළඹදී පැවැත්වීමට නියමිත බව ශී‍්‍ර ලංකා විදේශ සේවා නියුත්කි කාර්යාංශය පැවසීය.


    මේ සංගමයේ නායකත්වය ශී‍්‍ර ලංකාවට හිමිව තිබෙන අතර එහි සභාපතිත්වය විදේශ රැකියා ප‍්‍රවර්ධන හා සුබසාධන අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතාට හිමි වී තිබේ.


    විදෙස්ගත ශ‍්‍රමිකයන්ගේ යහපත සහ සුබසාධනය වෙනුවෙන් මේ සමුළුව කොළඹ දී පැවැත්වීමට එහි සාමාජික රටවල් තීරණය කර ඇත. පරමාර්ථ ඉටුකර ගැනීම සඳහා විගමණික ශ‍්‍රමිකයන් ලබා ගන්නා රටවල් එකමුතුව හා ආසියාවේ විදේශ රැකියා සඳහා ශ‍්‍රමිකයන් යොමුකරවන රටවල් එකමුතුව අතර සහයෝගිතාව වර්ධනය කිරීම මඟින් විදේශ රැකියා ක්ෂේත‍්‍රයේ ගැටලු රැසකට විසඳුම් සොයාගැනීමට මඟපාදා ගැනීම මේ සමුළුවේ මූලික අරමුණ බවද එම කාර්යාංශය සඳහන් කළේය.


    ශ‍්‍රමිකයන්ගේ ආරක්ෂාව, සමාජ සුබසාධනය හා ඉදිරි කි‍්‍රයාමාර්ග ඇතුළු වැදගත් කරුණු රැසක් සම්බන්ධයෙන් මෙවර සමුළුවේදී අවධානය යොමු කෙරේ. විදේශ රටවලට ශ‍්‍රමිකයන් සැපයීමේ දී එය ඉතා වැදගත් වනු ඇතැයිද ශී‍්‍ර ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පෙන්වා දුන්නේය.


    සමුළුව සඳහා අදාළ සාමාජික රටවල, විදේශ රැකියා සම්බන්ධ අමාත්‍යාංශයන්හි ලේකම්වරුන්, අතිරේක ලේකම්වරුන් හා උසස් නියෝජිතයන් සහභාගීවීමට නියමිතය.


    2014 හා 2015 සමුළුවේ නායකත්වය ශී‍්‍ර ලංකාවට හිමිවීමත් සමඟ කලාපයේ සාමාජික රටවල විදේශ ගත ශ‍්‍රමිකයන් වෙනුවෙන් වැඩසටහන් රැසක් මේ වන විට කි‍්‍රයාත්මක කෙරෙමින් තිබෙන බවද එම කාර්යාංශය සඳහන් කළේය.

     

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya