අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    "යොවුන් විදු නියමුවෝ'' නිල ආරම්භක උත්සවය

    මැයි 01, 2014

    යොවුන් විදු නියමුවෝ නිල ආරම්භක උත්සවය ඊයේ (30) තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් හා 2013 වසරේ අ.පො.ස. උසස් පෙළ විභාගයෙන් විශිෂ්ට දක්ෂතා පෙන්වන ලද ගම්පහ සහ කොළඹ දිස්ත්‍රික්කවල පාසල්වලින් තෝරාගත් සිසු සිසුවියන් 25 දෙනෙකුගේ සහභාගිත්වයෙන් ජාතික විද්‍යා පදනම් ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.


    දැනුම මත පදනම් වූ ආර්ථීකයක් බිහිකරනු වස් පර්යේෂණ, සංවර්ධන සහ නවෝත්පාදනය සඳහා පහසුකම් ලබාදෙමින් පාසල් සිසුන්, ගුරුවරුන් හා දෙමාපියන් අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය හා ඊට අනුබද්ධ ජාතික විද්‍යා පදනම මේ සඳහා දායකත්වය සපයයි.


    මෙම සුවිශේෂී මෙහෙවරෙහි තවත් එක් පියවරක් ලෙස තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යවරයාගේ සංකල්පයකට අනුව විදු නියමුවන් 10,000ක් බිහිකිරීමේ අරමුණින් මෙය සංවිධානය කොට තිබේ. යොවුන් විදු නියමුවන්ගේ විද්‍යාත්මක දැනුම, කුසලතා සහ ආකල්ප වර්ධනය කරගැනීම පිණිස දායකවන දේශන, ප්‍රායෝගික කටයුතු මෙන්ම තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය යටතේ පවතින ආයතනවල සිදුකෙරෙන කාර්යයන් පිළිබඳව අත්දැකීම ලබාදීම යනාදිය ඇතුළත්ව මාස 04 ක පමණ වැඩසටහනක් මෙහිදී ක්‍රියාත්මක කෙරේ.


    වැඩසටහන අවසානයේ වටිනා සහතිකපත්‍රයක් ලබාදෙමින් රට තුළ විදු නියමුවන් 10,000ක් බිහිකිරීමට ඔවුන් දායක කරගනු ඇත. ජාතික විද්‍යා පදනමෙහි ලියාපදිංචි පාඨශාලීය විද්‍යා සමාජ 741ක් මුල් කරගනිමින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කර තිබේ.


    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya