මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොළඹ අඩු පහසුකම් ජනාවාසවල පවුල් සඳහා නව නිවාස 10,000ක්

    අප්‍රේල් 30, 2014

    පැල්පත් හා මුඩුක්කුවාසින් ලෙස හඳුන්වනු ලැබු කොළඹ හා තදාසන්න ප්‍රදේශවල ජීවත්වන ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීම සඳහා ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශය මුලිකත්වයෙන් ආරම්භකර ඇති කොළඹ අවට ඉදිවන නිවාස 20,000 ව්‍යාපෘතියෙහි තවත් අදියරක් ක්‍රියාත්මක කරමින් නව නිවාස 10,000ක යෝජනා ක්‍රම 7ක් සඳහා මුල්ගල් තැබීම නිවාස සංවර්ධන අධිකාරිය ආරම්භ කර තිබේ.


    මේ වන විට දෙමටගොඩ නිවාස 500 යුත් මිහිඳු සෙන්පුර නිවාස ව්‍යාපෘතිය ජනධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් ජනතා අයිතියට පත්කරනු ලැබ ඇති අතර මෙම උදාර සංකල්පය මුල් කරගෙන මේ වන විටද නාගරික සංවර්ධන අධිකාරියේ ඍජු අධීක්ෂණය යටතේ ඉතා සුවිශාල තට්ටු නිවාස යෝජනා ක්‍රම ඉදිවෙමින් පවතින අතර ඒවා හේනමුල්ල, අලුත් මාවත, පර්ගියුෂන් මාවත, සිරිල් සී. පෙරේරා මාවත, එදිරිසිංහ මාවත, මාලිගාවත්ත, දෙමටගොඩ, ඔරුගොඩවත්ත 31 වත්ත, 54 හා 66 වත්ත, කොලොන්නාව, සාලමුල්ල සහ අංගොඩ යන ප්‍රදේශයන්හි ඉදිවෙමින් පවතී.


    අලුතින් ආරම්භ කරන ලද ව්‍යාපෘති යටතේ මාදම්පිටිය, මට්ටක්කුලිය, හේනමුල්ල, අලුත් මාවත, ඇපල්වත්ත, කිඹුලා ඇල හා ආරාමය පෙදෙස යන ස්ථානයන්හි නිවාස ඒකක 10,000ක් ඉදිකිරීම සඳහා පසුගිය 28 වැනි දා සුභ මොහොතින් මුල්ගල් තබන ලදි.


    මෙම නිවාසවල ඉදිකිරීම් කටයුතු රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව, සන්කෙන්, සී.එම්.එල්.එම්.ටී.ඩී. ඇක්සස් ඉංජිනියරින් සමාගම, මාගා ආයතනය, සියෙරා ආයතනය, සතුට බිල්ඩර්ස් යන දේශීය ඉදිකිරීම් ආයතන විසින් සිදු කරනු ලබයි.


    new houses to colombo people 1කොළඹ නගරයේ වෙසෙන සියලුම මුඩුක්කු හා පැල්පත්වාසී නිවැසියන්ට ස්ථිරසාර තමන්ගේම නිවසක ජීවත්වීමේ උරුමය ලබාදෙමින් නිවසක් වෙනුවෙන් රජය රුපියල් ලක්ෂ 40ක් පමණ වැය කරනු ලබන අතර මුළු ව්‍යාපෘතිය සඳහා රුපියල් බිලියන 275ක් පමණ වැයවේ. මෙම එක් නිවාස ඒකකයක කාමර දෙකක්, විසිත්ත කාමරයක්, මුළුතැන්ගෙය ඇතුළු සනීපාරක්ෂක පහසුකම්වලින් සමන්විත වේ. මෙමගින් පැල්පතක් වෙනු‍වට නිවසක් ලබාදීම පමණක්ම නොව නිවාසලාභීනට පහසුවෙන් ව්‍යායාම කළ හැකි ඇවිදින මංතීරු, ක්‍රීඩාංගණ, නිදහසේ කාලය ගත කිරීමට හැකි උද්‍යාන, ප්‍රජාශාලා වැනි ඔවුනට අවශ්‍ය සියලුම පොදු පහසුකම් ලබාදීම රජය විසින් සිදු කරනු ලබයි.

     


    මෙම ඉදිකිරිම් කටයුතු ආරම්භ කිරීමේ අවස්ථාවන් සඳහා නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති නිමල් පෙරේරා, අතිරේක අධ්‍යක්ෂ ජෙනරාල් වීරසේන අධිකාරී, අතිරේක අධ්‍යක්ෂ ජෙනරාල් (මුදල්) ප්‍රියා ජයවර්ධන, නාගරික පුනර්ජීවන ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් රංජිත් සමරසිංහ, නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රසාද් රණවීර, නියෝජ්‍ය අධ්‍යක්ෂ ඊ.ඒ.සී. ප්‍රියශාන්ත ඇතුළු නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරින්ද අදාළ ඉදිකිරිම් ආයතනයන්හි නිලධාරින් පිරිසක්ද සහභාගි වූහ.


    HC/mod&ud

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya