මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සිරගත වී සිටින්නන්ගෙන් 90%ක් දහම් පාසල් නොගිය අය

    අප්‍රේල් 30, 2014

    ලංකාවේ විවිධ වැරදිවලට හසුවී සිරගත වී සිටින්නන්ගෙන් 90%ක්ම දහම් පාසල් නොගිය අය බව ඒ පිළිබඳව කරන ලද නිරීක්ෂණවලදී හෙළි වී තිබෙන බවත් සමාජයක සාරධර්ම ආරක්ෂා කිරීම සඳහා දහම් පාසල් මඟින් විශාල කාර්යභාර්යක් සිදුකළ හැකි නිසා ඒවා රැකගැනීම සියලුදෙනාගේ වගකීමක් බවත් බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් චන්ද්‍රප්‍රේම ගමගේ මහතා පැවසීය.


    කොමසාරිස්වරයා මෙම අදහස් ප්‍රකාශ කළේ 2014 ජාතික දහම් පාසල් දින සැමරුම් උත්සවය මාතලේ දිස්ත්‍රික්කයේ පැවැත්වීම පිළිබඳව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේ පැවති විශේෂ සාකච්ඡාවකට සහභාගි වූ අවස්ථාවේදීය.


    මෙම උත්සවය 2014 අගෝස්තු 03 දින මාතලේ සංචාරක හෝටල් පාසල් ශ්‍රවණාගාරයේදී පැවැත්වේ. රජය දහම් පාසල් නගාසිටුවීම පිණිස විවිධ පියවර රැසක් බෞද්ධ කටයුතු අමාත්‍යාංශය හරහා සිදු කරන බවත් ඒ අනුව දහම් පාසල් ගුරුවරුන් සඳහා නිල ඇඳුම් ලබාදීම, ඔවුන්ගේ සේවය අගය කිරීම සඳහා සාමවිනිසුරු පත්වීම් ලබාදීම මෙන්ම ගුරු පත්වීම් ලබාදීමේ දී ඔවුන්ට විශේෂ සැලකිල්ලක් දැක්වීම ඒ අතර වන බව පැවසූ කොමසාරිස්වරයා සෑම වසරකම සමස්ත ලංකා දහම් පාසල් දිනය සැමරීමේ ජාතික උත්සවයක් දිස්ත්‍රික් මට්ටමින් පැවැත්වෙන බවත් ඒ මඟින් ඒ ඒ දිස්ත්‍රික්කවල දහම් පාසල් නගාසිටුවීමට පියවර ගන්නා බවත් පැවසීය.


    මාතලේ දිස්ත්‍රික් ලේකම් හෙලන් ඒ. මීගස්මුල්ල මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම රැස්වීමේදී වැඩිදුරටත් කථා කළ කොමසාරිස්වරයා පැවසුවේ මාතලේ දිස්ත්‍රික්කයේ දහම් පාසල් 348ක් තිබෙන අතර මෙවර පැවැත්වෙන උත්සවයේදී මෙම දහම් පාසල් සියල්ල නියෝජනය වන පරිදි උසස් පෙළ විභාගයෙන් වැඩි ලකුණු ලබා ගත් සිසුන් තෝරා ගෙන සිසුන් 348 දෙදෙකුට මාසිකව රුපියල් 500 බැගින් උසස් පෙළ හැදෑරීම සඳහා ශිෂ්‍යත්ව ලබා දෙන බවත්ය. දහම් පාසල් ගුරුභවතුන් සඳහා නිල ඇඳුම් ප්‍රදානය කිරීම මෙහිදී සිදු කරන අතර දහම් පාසල් ගුරුවරුන් සඳහා පුස්තකාල දීමනාවක් වශයෙන් වසරකට රුපියල් 2000ක්ද වසර 50ට වැඩි සේවා කාලයක් ඇති දහම් පාසල් ගුරුවරුන් සඳහා මාසකට රුපියල් 1000 බැගින් වෛද්‍ය ආධාර දීමනාවක්ද දහම් පාසල්වල 10 වන ශ්‍රේණියේ ඉහළම ලකුණු ලබා ගත් 10 දෙනෙකු සඳහා ශිෂ්‍යත්ව ලබා දීමට ද සැලසුම් කොට ඇති බවත් ඔහු පැවසීය.

     

    මේ අවස්ථාවේදී මාතලේ දිස්ත්‍රික් ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරි උඩුරාවණ සුමනරතන ස්වාමීන් වහන්සේ සහ දිස්ත්‍රික් ශාසනාරක්ෂක බල මණ්ඩලයේ සභාපති කොස්ගොල්ලේ සීලරතන ස්වාමීන් වහන්සේ ද අනුශාසනා පැවැත්වූහ.

     

    NDH/GNK-ISB dmu matale

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya