අප්‍රේල් 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සෞඛ්‍ය අමාත්‍යවරයා කෑගල්ල රෝහල්වල නිරීක්ෂණ චාරිකාවක

    අප්‍රේල් 30, 2014

    කෑගල්ල දිස්ත්‍රික්කයේ රෝහල් රැසක සංවර්ධන කටයුතු සොයා බැලීමට පසුගියදා සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා නිරීක්ෂණ චාරිකාවක නිරත විය.ඒ අනුව කෑගල්ල දිස්ත්‍රික්කයේ රෝහල් සංවර්ධනය කිරීම කඩිනමින් සිදු කිරීමට කටයුතු කරන බව අමාත්‍යවරයා සඳහන් කළේය. මෙහිදී කෑගල්ල දිස්ත්‍රික්කයේ වරකාපොළ, මාවනැල්ල, රඹුක්කන, කරවනැල්ල හා කිතුල්ගල යන රෝහල්වල ඉදිරි සංවර්ධන කටයුතු පිළිබඳව සොයාබැලීම මෙම නිරීක්ෂණ චාරිකාවේ අරමුණ විය.

     


    මෙම සංචාරයේ දී අමාත්‍යවරයා සතියක කාලයක් තුළ එම රෝහල්වලට අවශ්‍ය ප්‍රතිපාදන ලබාදීමට කටයුතු කරන බව ද පැවසී ය.  එම අවස්ථාවට සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය  ලලිත් දිසානායක, සබරගමුව පළාත් ප්‍රධාන අමාත්‍ය  මහීපාල හේරත් යන මහත්වරු ඇතුළු විශාල පිරිසක් සහභාගි වී සිටියහ. 
     

    ECB/LT_dmu_kegalle

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya