අප්‍රේල් 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මාතලේ, රත්තොට, නාඋල, අඹන්ගඟ කෝරලේ හා දඹුල්ල ගං වතුර හා නාය යෑම් අවදානම්

    අප්‍රේල් 29, 2014

    මාතලේ, රත්තොට, නාඋල, අඹන්ගඟ කෝරලේ හා දඹුල්ල ප්‍රදේශයන්හි ගං වතුර හා නාය යෑම් අවදානම් ඇති බැවින් එම ප්‍රදේශවල ජනතාව දැඩි අවධානයෙන් සිටින ලෙස මාතලේ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ චමින්ද අමරවීර මහතා ජනතාවගෙන් ඉල්ලා සිටී.


    මාතලේ ප්‍රදේශයට ඊයේ (28 ) ඇද හැළුණු අධික වර්ෂාව හේතුවෙන් නිවාස 04කට හානි සිදු වී පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා රත්තොට රෝහලට ඇතුළත් කළ බව ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.


    ලග්ගල, අඔන්ගඟකෝරළේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, කුඔල්ඔළුව ප්‍රදේශයේ නිවාස දෙකක් මතට ගස් හා ගල් පෙරළීමෙන් නිවාසවලට හානි සිදු වී ඇති අතර, ඉඹුල්ගොල්ල ප්‍රදේශයේ නිවසක් මතට ගසක් කඩා වැටී‍මෙන් හා කිඳෙල්පිටිය වත්තේ නිවසක් මතට ගසක් කඩා වැටීමෙන් නිවස විනාශ වී එහි සිටි වයස අවුරුදු දෙක හමාරක සහ අවුරුදු දහයක ගැහැනු ළමයි දෙදෙනෙක් තුවාල ලබා ඇති අතර එම නිවසේ පදිංචි අනෙක් පුද්ගලයින් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කර ඔවුන් සඳහා වියළි සලාක ලබා දිමට පියවර ගෙන ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වැඩි දුරටත් නිවේදනය කරයි.


    මීට අමතරව මහනුවර යාපනේ ඒ -9 මාර්ගයේ මාතලේ, ඇල්වල ප්‍රදේශයේ විශාල මාර ගසක් පාර හරහා කඩා වැටීමෙන් ඊයේ (28) පස්වරු 5 සිට 6  දක්වා එහි ගමනාගමනයට බාධා සිදු වී තිබුණු බව මාතලේ දිස්ත්‍රික් අප මාධ්‍ය ඒකකය පවසයි.

     
    GNK/BS/HC_dmu_matale

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya