අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගුරුමාරු සඳහා නව වැඩපිළිවෙළක් සකසනවා

    අප්‍රේල් 29, 2014

    ගුරුවරුන්ට ජාතික පාසල්වලින් පළාත් සභා පාසල්වලට එන්නත් පළාත් සභා පාසල්වලින් ජාතික පාසල්වලට එන්නත් අපි වැඩපිළිවෙළක් සකස් කරනවා. එදා ගණිතය සහ විද්‍යාවෙන් කරන්න බැරිවුණ ක්‍රියාකාරකම් අද මේ පාසල්වල ක්‍රියාත්මක වෙනවා. තව අවුරුද්දක් යනකොට මේ මහින්දෝදය පාසල් පළාතේ ඉතාම දියුණු පාසල් බවට පත් වෙනවා යැයි වයඹ ප්‍රධාන අමාත්‍ය නීතිඥ දයාසිරි ජයසේකර මහතා පැවසීය.


    අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (28)  දින පාදෙණිය සුනන්ද මහා විද්‍යාලය, වාරියපොළ ඉසිපතන මාධ්‍ය මහා විද්‍යාලයේ සහ කැකුනගොල්ල මුස්ලිම් මහා විද්‍යාලවලදී පැවතුණු මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාර විවෘත කිරීමේ උත්සවයන්ට එක්වෙමිනි.

    එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ, වාරියපොළ ආසනයේ විතරක් නෙමෙයි කුරුණෑගල, කුලියාපිටිය වගේ ආසනවලටත් මහින්දෝදය විදුහල් අපි අද භාර කළා. අද අධ්‍යාපනය නව නැම්මකට යොමු කරලා තියෙන්නේ ජනාධිපතිතුමන්. අද 52% ක් හදාරන්නේ කලා උපාධිය. කලා උපාධිය අරගෙන එළියට එනකොට රැකියා සෙවීමේ ගැටලු ඇතිවෙනවා. අද සමහර කලා උපාධිධාරීන් ගණිතය, වාණිජ විෂයන් උගන්වන තැනට පත් වෙලා තියනවා. රටේ අධ්‍යාපනයත් එක්ක තමයි ආර්ථිකය දියුණු වෙන්නේ. තමන්ගේ ජීවනෝපායන් ගැන බලනකොට කලා උපධිධාරීන්ට තමන්ගේ ජීවිතයේ ඉහළට යාම හිරවෙලා තියනවා. අද ඉංජිනේරුවරුන්ට විශාල වශයෙන් පුරප්පාඩු තියනවා. නමුත් අයදුම් කරන අය අඩුයි. මේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ ගැටලු මේ විදියට බලපාලා තියෙද්දී  ජනාධිපතිතුමා මහින්දෝදය විද්‍යාගාර සහිත පාසල් 1000ක් බිහි කළා. එමගින්  ප්‍රාථමික සහ ද්විතීයක පාසල් ජාලයක් ඇතිවෙලා තියනවා.

    ඒ වගේම මෙම පාසල් ළමා මිතුරු පාසල් ලෙස අපි හඳුන්වනවා. වයඹ පළාතේ මෙම පාසල් 127ක් හැදෙනවා. අපිට සාමාන්‍යයෙන් ආසනයකට දුන්නේ පාසල් 03යි. නාවින්න අමාත්‍යවරයා අපිට පාසල් 06ක් ලබා ගත්තා. ඒක තමයි ඒ මහතාගේ දක්ෂතාව. ප්‍රාථමික අධ්‍යාපනය ලංකාවේ පළවෙනි තැනට තියෙන්නේ වයඹ පළාත. ද්විතීයක අධ්‍යාපනයෙන් බස්නාහිරට වඩා අපි 0.4ක් පහළින් ඉන්නේ. විද්‍යාව, ගණිතය වැඩියෙන් හදාරණ සිසුන් බිහි වුණාම අපිට ද්විතීයක අධ්‍යාපනයෙනුත් වයඹ පළවෙනි තැනට ගේන්න පුළුවන්. මම විපක්ෂයේ ඉද්දිත් දැනුත් දකින්නේ එකම දේ. දරුවන්ට හොඳ ප්‍රතිඵල තියනවා. හැබැයි සම්මුඛ පරීක්ෂණයකට ගියාම හිරවෙනවා. ඒ පරීක්ෂණය කරන්නේ ඉංග්‍රීසියෙන්. ඒ නිසා අපේ කොට්ඨාස 31කට 1 බැගින් ඉංග්‍රීසි පාසල් ඇතිකරනවා. ඉස්සර ගුරු විවේකාගාර තිබුණා. දැන් එහෙම නෑ. අපි වයඹ පළාතේ සම්පූර්ණ තාක්ෂණය යටතේ ගුරු විවේකාගාර හදනවා. ඒ වගේම 5 ශිෂ්‍යත්වය, සා. පෙළ , උසස් පෙළ පදනම් කරගෙන විශාල වැඩකොටසක් කරනවා. අපි ජනාධිපතිතුමාගේ මග පෙන්වීමෙන් අවශ්‍ය කරන ගුරුවරු ලබා ගන්නවා. ඒ වගේම දෙමළ මාධ්‍ය සඳහාත් ගුරුවරු ලබාගන්නවා. ජාතික පාසල්වල අතිරික්ත ගුරුවරු 227ක් ඉන්නවා. එදා ගණිතය සහ විද්‍යාවෙන් කරන්න බැරිවුණ ක්‍රියාකාරකම් අද මේ පාසල් වල ක්‍රියාත්මක වෙනවා. තව අවුරුද්දක් යනකොට මේ මහින්දෝදය පාසල් පළාතේ ඉතාම දියුණු පාසල් බවට පත් වෙනවා. ඒ සඳහා කැප වෙලා වැඩ කරන්න. 

    මෙම අවස්ථාවට අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන, ජ්‍යෙෂ්ඨ අමාත්‍ය එස්.බී. නාවින්න, වයඹ පළාත් මහා මාර්ග අමාත්‍ය ගුණදාස දෙහිගම, වරියපොළ ප්‍රාදේශීය සභාවේ සභාපති ආනන්ද ජයලත්, වයඹ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂක ජේ.ජී.එන්. තිලකරත්න සහ වාරියපොළ කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂකතුමිය උපුලී ශිරාණපතිරණ ඇතුළු මහත්ම මහත්මීහු සහභාගී වූහ.

    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya