අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කරුවලබැද්ද ප්‍රදේශයේ ජනතාවට විදුලිය පහසුකම්

    අප්‍රේල් 28, 2014

    ආනමඩුව කරුවලබැද්ද ප්‍රදේශයේ ජනතාවගේ විදුලි අවශ්‍යතා සම්පූර්ණ කිරීමේ අරමුණින් නව ව්‍යාපෘතියක් පසුගියදා සිවිල් ගුවන් සේවා අමාත්‍ය පියංකර ජයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරිණ.


    මේ සඳහා රුපියල් 149,52950.00ක මුදලක් වැය කෙරෙන අතර, ඒ යටතේ පවුල් 125කට විදුලිය පහසුකම් හිමිවේ. ආනමඩුව මැතිවරණ කොට්ඨාසයේ විදුලි බලය ලැබීමේ ප්‍රතිශතය මේ වන විට 68% දක්වා ඉහළ ගොස් ඇති බවද මෙහිදී අමාත්‍යවරයා විසින් පෙන්වා දෙන ලදී.

    මෙම අවස්ථාවට එක් වූ සිවිල් ගුවන්සේවා අමාත්‍යවරයා පැවසුවේ "කැපවීම් රාශියක් කරමින් පරාජය කළ දේශීය ත්‍රස්තවාදය වෙනුවට විදේශීය ත්‍රස්තවාදය අද විවිධ වෙස් මුහුණුවලින් හිස ඔසවමින් තියෙනවා. මේ සඳහා නිසි අවබෝධයකින් කටයුතු කරන්න සහ එයට මුහුණ දෙන්න ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමන් කටයුතු කිරීම ජාතියේ වාසනාවක්. ඇතැම්විට දුර්වල පාලනයක් මේ රටේ තිබුණි නම් දැනටමත් අපිට මේ රට අහිමිවෙලා අවසානයි.

    රටේ ප්‍රශ්න නැතිවා නොවෙයි. ඕනෑම පාලන කාලයක් තුළ විවිධ අන්දමින් ප්‍රශ්න විවිධ වෙස්වලින් මතුවෙනවා. ඒවා ප්‍රමුඛගත කිරීමේදී ජාතියක් වශයෙන් නිවටයින් ලෙස  විදෙස් රටවල් ඉදිරියේ දණ නොනමා කොන්ද කෙලින් තියා ගෙන ජීවත් වෙන්න අපි කටයුතු කළේ නැත්නම් අපේ ඊළඟ පරම්පරාව අපිට ශාපකරාවි".

    තව දුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා පැවසුවේ, "ඕනෑම කාල වකවානුවක රට පාවාදෙන විවිධ කල්ලි කණ්ඩායම් ඉන්න පුළුවන්. ඈත ඉතිහාසයේත්, මෑත ඉතිහාසයෙත් එවැනි සිද්ධි අපේ ඉතිහාස කථාවල ඕනෑතරම් දකින්න පුළුවන්. ඒ වගේම වර්තමානය පිළිබඳව  ලියවෙන ඉතිහාස කතාවෙත් අපේ රට පාවා දෙන්න කටයුතු කරපු ද්‍රෝහින් පිළිබඳව අනාගත පරපුරට දකින්න හැකි වේවි. විදුලිය නැතුව එදා අන්ධකාරයට ශාප කරපු මිනිස්සු පිපාසයට දිය දෝතක් නැතිව අහස දිහා බලාගෙන සිටි මිනිසුන්ගේ අඳුර පහකරන්නටත්, පිපාසය සංසිඳවන්නටත් මේ රජය දැවැන්ත  ක්‍රියාකාරකම් රැසක් නිර්මාණය කරලා තියෙනවා. ගම් නියම් ගම්වල අඳුරේ පාඩම් කරපු දරුවෝ විදුලි පහනින් පාඩම් කරලා උසස් අධ්‍යාපන ප්‍රතිඵල අත්කර ගෙන තියෙනවා. ඒ වගේම දියුණු ප්‍රදේශවල පවතින අධ්‍යාපන පහසුකම් ගමට ලැබෙමින් තිබෙනවා".



    මෙම අවස්ථාවට හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ෂෙල්ටන් වෙල්ගම මහතාද සහභාගී විය.ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya