මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වතු කම්කරු සමිතිවලට භාණ්ඩ ලබාදේ

    අප්‍රේල් 28, 2014

    ලංකා කම්කරු කොංග්‍රස් මහ ලේකම්, පශු සම්පත් හා ග්‍රාමීය ප්‍රජා සංවර්ධන අමාත්‍ය ආරුමුගම් තොන්ඩමාන් මහතාතේ ප්‍රධානත්වයෙන් පසු ගියදා නුවරඑළිය වෙසෙන වතු කම්කරු ජනතාව ගේ සුභසිද්ධිය උදෙසා  පිහිටුවා ගත් සමිති වෙත විවිධ   භාණ්ඩ  බෙදා දීමේ උත්සවයක් පැවැත්විණ.

     


    නුවරඑළිය ඇල්බියන් වත්ත, ටොරින්ටන් වත්ත, හොල්මුඩ් වත්ත, සට්ටන් වත්ත, වුඩ්ලේක් වත්ත, වැවර්ලි වත්ත, මොර්නිංග්ටන් වත්ත හා ඕවා හා කැලේ වත්ත යන වතුවල මෙම භාණ්ඩ බෙදා දීමේ උත්සව පැවැත්විණ.  

     

    මෙහි දී සෙවිලි තහඩු, ප්ලාස්ටික් පුටු ,මුළුතැන්ගෙයි උපකරණ හා ස්පීකර් ආදී රුපියල් ලක්ෂ 05 කට අධික වටිනාකමකින් යුත්  භාණ්ඩ බෙදා දීම සිදු විය.
     

    මෙහි දි අදහස් දැක් වු අමාත්‍යවරයා පැවසුවේ,  අපි ඕනෑම අවස්ථාවක ඔබ සමඟ ඉන්නවා , ඔබලාට අවශ්‍ය  ඕනැම උදව්වක් මම ඇතුළු මේ කම්කරු කොංග්‍රසයෙන් සපයන්න සුදානම් වෙලා ඉන්නවා. අපි පක්ෂ බේදයකින් තොරව සැමට ම එක හා සමානව උදව් කරනවා. අපි කවදාවත් මේ වතු කම්කරු ජනතාව අමතක කරේ නැහැ. සමහර පක්ෂ දේශපාලකයින් වගේ අනික් දේශපාලකයින් හට තැන් තැන් වල බැන වදිමින්  ඡන්දයක් ළං වු විට පමණක් ඔබතුමන්ලා ළඟට එන්නේ නැ. අපි හැම විටම ඕනෑම වේලාවක ඔබලා එක්ක  ඉන්නවා.
    ඒ වගේම මේ අවුරුදු ගාණක් තිස්සේ ලයින් කාමරවල ජීවත් වන ඔබලාට තියෙන ගැටලු මට තේරෙනවා. ඒ නිසාමයි මා ඇතුළු ලංකා කම්කරු කොංග්‍රස් කණ්ඩායමක් ඔබලාගේ මේ ප්‍රශ්න සඳහා විසදුම් ලබා ගැනීමට උදව් ලබා ගැනීමට පසුගිය අවුරුද්දේ ඉන්දියාවේ ගොස් ඉන්දියා කොංග්‍රස් නායිකා සොනියා ගාන්ධි මැතිනිය මුණගැහී සාකාච්ඡා කළේ.

    මේ අනුව ඔබලාට අතීතයේ ඔබලා ජීවත් වු වතු ලයින් කාමර ගෙවල් වෙනුවට නුදුරු අනාගතයේම නව නිවාස ලැබේවි. නව ගම්මාන ඉදිවේවි.  කඳුකරයේ වෙසෙන සෑම ළමයකුටම ජීවන බරක් නොදැනි පාසල් යන්නට හැකි වේවි. ඒ වගේම පාසල් අධ්‍යාපනයෙන් පසු ඔවුන්ට අවශ්‍ය වෘත්තිය දැනුම ප්‍රජා ශක්ති පදනමෙන්  ලැබේවි. එමගින් තරුණ තරුණියන්ට ස්වයං රැකියා කිරීමට මහත් අස්වැන්නක් වේවි.

    මෙම අවස්ථාවන් සඳහා මධ්‍යම පළාත් මන්ත්‍රි වරුන් වන එම්. රාම් මහතා හා පිලිප් කුමාර් , එම්.රමේෂ්  හා ඒ.පී ශක්තිවේල් හා කනපති කනගරාජ් යන  මහත්වරුන් ද අඹගමුව ප්‍රාදේශීය සභාපති වෙල්ලායන් දිනේෂ් මහතා ඇතුළු උසස් නිලධාරින් පිරිසක් ද ප්‍රදේශවාසි ජනතාව ද  සහභාගි වූහ.

    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya