මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නුවරඑළිය වික්ටෝරියා උද්‍යානයේ මල් දැක්ම

    අප්‍රේල් 28, 2014

    නුවරඑළිය වසන්ත සැණකෙළියට සමගාමීව නුවරඑළිය මහ නගර සභාව මඟින් සංවිධානය කළ මල් ප්‍රදර්ශනය සහ විශේෂ මල් දැක්ම ඊයේ (27) හා පෙරේදා (26) දෙදින නුවරඑළිය වික්ටෝරියා උද්‍යානයේදී පැවැත්විණි.


    මෙම විශේෂ මල් දැක්ම නුවරඑළිය වසන්ත සැණකෙළියේ ප්‍රධානතම අංගයක් වන අතර මෙවර මල් ප්‍රදර්ශනය සඳහා 550 දෙනෙක් සහභාගි වී සිටියහ. මේ සඳහා රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ තරගකරුවන් රැසක් සිය නිර්මාණ ඉදිරිපත් කොට තිබුණි.

     

    මධ්‍යම පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතාගේ ප්‍රධානත්වයෙන් මල් ප්‍රදර්ශනය ආරම්භ කෙරිණි. ජාතික උද්භිද විද්‍යා දෙපාර්තමේන්තුව විසින් මේ මල් දැක්ම විනිශ්චය කළ අතර ජයග්‍රාහකයන්ට මුදල් සහ සහතිකපත්‍ර ප්‍රදානය කිරීම ඊයේ පෞද්ගලික ප්‍රවාහන අමාත්‍ය සී.බී. රත්නායක මහතාගේ සහ රාජ්‍ය ප්‍රතිසංස්කරණ අමාත්‍ය නවීන් දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු විය.

     

    මෙහිදී අදහස් දැක්වූ නගරාධිපති මහින්ද දොඩම්පෙගමගේ මහතා පැවසුවේ, ජාතික මල් අපනයනය වර්ධනය කිරීම සඳහා නුවරඑළිය ප්‍රමුඛතාවක් දක්වන බවත් 2015 වසරේ සිට ගෙවතු මල් අලංකරණය සහ කුඩා උද්‍යාන ඇති කිරීමට අපේක්ෂා කරන බවත්ය. මෙවර වසන්ත සැණකෙළියට සමගාමීව වික්ටෝරියා උද්‍යානය තුළ කෞතුකාගාරයක් සහ නව මල් වර්ග රැසක් හඳුන්වා දීමට හැකි වූ බවත් ලබන වසරේ සිට මෙම මල් ප්‍රදර්ශනය මසක් පුරාවටම පැවැත්වීමට යෝජිත බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

     

    මෙහිදී හොඳම මල් සැකැස්ම වෙනුවෙන් රජයේ නිල නිවාස සඳහා හිමි පළමු ත්‍යාගය නුවරඑළිය දිස්ත්‍රික් ලේකම්තුමාගේ රජයේ නිල නිවාසය වෙත හිමි විය.

     

    මේ අවස්ථාවට පළාත් සභා මන්ත්‍රී රාජා රාම් මහතා ඇතුළු නාගරික මන්ත්‍රීවරුන්, නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් ඩී.පී.ජී. කුමාරසිරි මහතා ප්‍රමුඛ රාජ්‍ය නිලධාරීහු රැසක් සහභාගි වී සිටියහ.

     

    NDH/sh_dmu_nuvaraeliya

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya