අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නුවරඑළිය දිසාපති කාර්යාලය පාසලකට අවුරුදු නෑගම් යයි

    අප්‍රේල් 28, 2014

    නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය පසුගියදා නුවරඑළිය, වලපනේ රුප්පේ විද්‍යාලයට අවුරුදු නෑගම් යාමට කටයුතු කළ බව නුවරඑළිය අප දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය පැවසීය.


    ඉතා දුෂ්කර පාසලක් වන වලපනේ රුප්පේ කනිෂ්ඨ විද්‍යාලය නීල්දණ්ඩාහීන්න කුඩා නගරය ආසන්නයේ පිහිටා තිබේ. වලපනේ නගරයේ සිට කිලෝ මීටර් 08ක් දුරින් පිහිටා තිබෙන මෙම කනිෂ්ඨ විද්‍යාලය වලපනේ අධ්‍යාපන කලාපයට සහ වලපනේ මැතිවරණ කොට්ඨාසයට අයත් වූවකි. පළමු ශ්‍රේණියේ සිට පස්වන ශ්‍රේණිය දක්වා කුඩා දූ දරුවන් 43 දෙනෙකු පමණක් ප්‍රාථමික අධ්‍යාපනය හදාරන මෙහි ගුරුවරුන් 05 දෙනෙකු සහ එක් විදුහල්පතිවරයෙකු ඉගැන්වීම් කටයුතුවල නිරත වේ.

     

    කලාප කාර්යාලය, පන්සල සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ උදව් උපකාර හා ප්‍රදේශයේ ගොවි ජනතාවගේ දැඩි උනන්දුව මත දියුණුවට පත්වෙමින් පවතින මේ විද්‍යාලයට අවුරුදු නෑගම් යාම නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් ඩී.පී.ජී. කුමාරසිරි මහතාගේ උපදෙස් මත සිදු කෙරිණි. අතිරේක දිස්ත්‍රික් ලේකම් යු.ඩබ්.ආර්.යු.එම්. අමරසේකර මහත්මියගේ ප්‍රධානත්වයෙන් ‍දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ක්ෂේත්‍ර අංශ‍ය විසින් මෙම කුඩා දූදරුවන්ට රුපියල් 1000ක් වටිනා පොත් කට්ටලය බැගින් බෙදා දුන්හ.

     

    සංගීත උපකරණ සහ ක්‍රීඩා උපකරණ රැසක් මෙම විද්‍යාලයට පරිත්‍යාග කළ අතර කුඩා දරුවන් වෙනුවෙන් අවුරුදු තරග ඉසව් කිහිපයක් ද දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මඟින් සංවිධානය කොට තිබුණි. ජයග්‍රාහී දරුවන්ට මෙන්ම ගුරුවරුන්ට ත්‍යාග පිරිනැමීම මෙහිදී සිදු කෙරිණි.


    NDH/SH_dmu_nuvaraeliya

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya