මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    "ජන සෙවණ - ස්වශක්ති" වැඩසටහනට පවුල් 30,000ක්

    අප්‍රේල් 25, 2014
    නාගරික ජනාවාස සංවර්ධන අධිකාරිය කොළඹ අඩු පහසුකම් ජනාවාස ඉලක්ක කරගෙන සිදුකරනු ලබන ජන සෙවණ ස්වශක්ති මානව සංවර්ධන වැඩසටහන මේ වන විට පවුල් තිස් දහස (30,000) ඉක්මවා ඇති බව ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතා පෙන්වාදෙයි. 
     
    අමාත්‍යංශයේදී පසුගියදා නිලධාරීන් පිරිසක් සමඟ පැවති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව  ප්‍රකාශ කළේය.
     
    උතුරු කොළඹ, මැද කොළඹ, බොරැල්ල, නැගෙනහිර බටහිර කොළඹ යන කලාපවල අඩු  පහසුකම් ජනාවාස 307ක පවුල් මෙම වැඩසටහනට සම්බන්ධ වී ඇත. 
     
    "මහින්ද චින්තන ඉදිරි දැක්ම" අනුව විමල් වීරවංශ අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි මෙම වැඩසටහන ක්‍රියාත්මක වන්නේ අඩු පහසුකම් ජනාවාසවල පවුල්වල ජන ජීවිතය ගොඩනැංවීම අරමුණු කරගෙනය. 
     
    කාන්තාවන් ඉලක්ක කරගෙන ස්වශක්ති කාන්තා සවිය, තරුණ තරුණියන් ඉලක්ක කරගෙන තරුණ සවිය, ළමයින් ඉලක්ක කරගෙන කොළඹ ළමයි  යනුවෙන් වැඩසටහන් 3ක් මේ යටතේ ක්‍රියාත්මක වේ. උපදේශන සේවා, සෞඛ්‍ය  කඳවුරු, වැඩමුළු, ස්වයං රැකියා ණය ආධාර, ඉතුරුම් ගිණුම්, ක්‍රීඩා, කලා කුසලතා දියුණු කිරීම් ඇතුළු වැඩසටහන් රැසක් ජන සෙවණ ස්වශක්ති මානව සංවර්ධන වැඩසටහනට ඇතුළත් වේ. 
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya