මැයි 08, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අධ්‍යාපනයෙන් වයඹ පළාත ලංකාවේ පළමු තැනට ගේනවා

    අප්‍රේල් 25, 2014


    සියලු ම අධ්‍යාපන මට්ටම්වලින් වයඹ පළාත ලංකාවේ පළමු තැනට ගේනවා යැයි වයඹ ප්‍රධාන අමාත්‍ය නීතිඥ දයාසිරි ජයසේකර මහතා පවසයි.


    වයඹ ප්‍රධාන අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ පසුගියදා ලෝක බැංකු ආධාර මත හා පළාත් සභා අරමුදල් යටතේ පුත්තලම දිස්ත්‍රික්කයේ වෙන්නප්පුව අධ්‍යාපන කොට්ඨාසයේ ඉදිවූ ලුණුවිල, කටුකෙන්ද, වෑකඩ යන ප්‍රදේශවල පාසල් 03ක ගොඩනැගිලි සිසු අයිතියට පැවරීමේ උත්සවයට සහභාගී වෙමිනි.

    පළාත් නමයෙන් 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය හා ප්‍රාථමික අධ්‍යාපනය තුළින් අප වයඹ පළා‍ත ලංකාවෙන්ම පළමු තැන ඉන්නවා. අ.පො.ස (සාමාන්‍ය පෙළ) විභාගය හා සැසඳීමේදී අපි කොළඹ, බස්නාහිර අධ්‍යාපන කලාපයට වඩා 0. 4 කින් දෙවන තැන පසුවෙනවා. කියන්න කනගාටු අපේ උසස් පෙළ අධ්‍යාපන මට්ටම ගැනයි. අපේ උසස් පෙළ අධ්‍යපන මට්ටම ගත්තාම අපි නවවන ස්ථානයේ පසුවෙන්නේ. ඉදිරියේදී මේ දුර්වලතා සියල්ල උපරිමයෙන් මගහැරගෙන ලංකාවේ පළමු තැනට ගේනවා යැයි ජයසේකර මහතා කීය.


    මෙම අවස්ථාවට පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අරුන්දික ප්‍රණාන්දු ,  වයඹ පළාත් සභා අමාත්‍ය සන්ධ්‍ය කුමාර රාජපක්ෂ ඇතුළු පළාත් සභා, ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු, අධ්‍යාපන නිලධාරීන් හා ගුරු භවතුන් විශාල පිරිසක්ද  සහභාගී වූහ.

    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya