අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ බක්මහ උළෙල අද

    අප්‍රේල් 25, 2014

    මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය සුබසාධක සංගමය 05 වන වරටත් සංවිධානය කරනු ලබන බක්මහ උළෙල අද (25) පෙ.ව. 8.00 සිට දවස පුරා මාතලේ එඩ්වඩ් උද්‍යාන ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.


    මාතලේ දිස්ත්‍රික් ලේකම් හෙලන් ඒ. මීගස්මුල්ල මහත්මියගේ ප්‍රධානත්වයෙන් එය පැවැත්වෙන බව දිස්ත්‍රික් අප මාධ්‍ය ඒකකය පවසයි.


    දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය නිලධාරීන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ සහභාගිත්වයෙන් මෙම බක්මහ උළෙල පැවැත්වේ.


    ගම හරහා දිවීම, කොට්ට පොර, කනාමුට්ටිය බිඳීම, අලියාට ඇස තැබීම, ජන ගායනා, අවුරුදු කුමරා සහ අවුරුදු කුමරිය තේරීම ඇතුළු අවුරුදු ක්‍රීඩා 26කින් බක්මහ උළෙල වර්ණවත් වේ. ජයග්‍රාහක, ජයග්‍රාහිකාවන් සඳහා තිළිණ ප්‍රදානය කිරීමටද සංවිධායක මඬුල්ල කටයුතු යොදා ඇත.


    NDH/GNK_ISB_dmu_matale

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya