මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    උපාධිධාරීන්ට අනුරාධපුර සංවර්ධන වැඩ ඇරඹීමට විධිමත් වැඩපිළිවෙළක්

    අප්‍රේල් 24, 2014

    සංවර්ධන නිලධාරීන් ලෙස බඳවාගත් උපාධිධාරීන් අදාළ ප්‍රදේශයට ඔබින සංවර්ධන වැඩකටයුතු ක්‍රියාත්මක කිරීම සඳහා විධිමත් වැඩපිළිවෙළක් සැකසීම අනිවාර්ය බව අනුරාධපුර මහ දිසාපති මහින්ද සෙනවිරත්න මහතා පවසයි.


    අනුරාධපුර දිස්ත්‍රික්කයේ කුඩා ව්‍යාපාර, ව්‍යවසායකත්ව සංවර්ධන ආදි අංශ ගණනාවක් යට‍තේ කටයුතු කරන ක්ෂේත්‍ර නිලධාරීන් තමන්ගේ වගකීම් පිළිබඳව නිසියාකාර අවධානය යොමුකළ යුතුව තිබේ. මෙහිදී තමන් කළ යුත්තේ මොනවාද යන්න හඳුනාගැනීම වැදගත් ය. දිසාපතිවරයා මෙම අදහස් පළකළේ අනුරාධපුර දිස්ත්‍රික් ක්ෂේත්‍ර නිලධාරින් දැනුවත් කිරීමේ වැඩසටහනකදීය.


    ග්‍රාමීය සංවර්ධනය ළඟාකර ගැනීමේ දී ජනතාවට ඇති ගැටලු මෙන්ම ඔවුන්‍ වෙනුවෙන් කළ යුත‍්තේ මොනවාද යන්න ක්ෂේත්‍ර නිලධාරින් හොඳින් දැන සිටිය යුතු වේ. මේ නිසා ඉදිරියේ දී මාසිකව තමන්ගේ වැඩ සැලසුම්  හා ක්‍රියාකාරී වර්තා අදාළ නිලධාරින් වෙත ලබා දෙන ලෙසද අනුරාධපුර දිසාපතිවරයා ක්ෂේත්‍ර නිලධාරින් වෙත උපදෙස් ලබා දුන්නේය. ක්ෂේත්‍ර නිලධාරින් කටයුතු කරන්නේ කේසේද යන්න පිළිබඳව අවධානයෙන් සිටින බවද දිසාපතිවරයා වැඩිදුරටත් පැවසීය.


    ECB/SB_dmu_anuradhapura

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya