අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    චන්ද්‍රිකා වැව දෙවන අදියර අවසන් අදියරේ

    අප්‍රේල් 24, 2014

    ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා අතින් වේලි සංරක්ෂණ හා ජල සම්පත් සැලසුම්කරණ ව්‍යාපෘතිය යටතේ ආරම්භ වූ වලව, චන්ද්‍රිකා වැව පුනරුත්ථාපන කටයුතු මේ වනවිට අවසන් අදියරට පැමිණ තිබේ.


    චන්ද්‍රිකා වැව් තාවුල්ලේ සර්ව රාති‍්‍රක පරිත‍්‍රාණ ධර්ම දේශනයක් පවත්වා රුහුණු පුරවරයෙන් යළි පිබිදෙන ශ‍්‍රී ලංකාවේ අභිමානය විදහා දැක්වෙන වලවේ උරුමය වැඩසටහන ක්‍රියාත්මක විය. ඒ යටතේ චන්ද්‍රිකා වැව දෙවන අදියරට මුල්ගල තැබීම සහ ප‍්‍රථම අදියරේ ප‍්‍රතිසංස්කරණ කටයුතු ඇරැඹීම ද සිදු කෙරුණි. ඒ එවකට වාරිමාර්ග හා ජල කළමනාකරණ අමාත්‍ය චමල් රාජපක්ෂ හා එවකට කෘෂිකර්ම සංවර්ධන හා ගොවිජන සේවා අමාත්‍යවරයා වූ මෛති‍්‍රපාල සිරිසේන මහත්වරුන්ගේ ද සහභාගිත්වයෙනි.


    ලෝක බැංකු මූල්‍ය ආධාර මත ප‍්‍රතිසංස්කරණය වෙමින් පවතින මෙම ජලාශයෙන් තුංකම, හාගල, කුට්ටිගල, බරවකුඹුර, තෝරගල, අඟුණුකොල පැලැස්ස ආදී ගම්මාන රැසක ජනතාවගේ ජල අවශ්‍යතාවන් සපුරාලනු ලබයි. වසරකදී අක්කර 50000ක් පමණ මේ වැව් දියවර මඟින් අස්වද්දයි.


    1957 දී රාජ්‍ය මන්ත‍්‍රණ සභාවේ ඉඩම් හා ඉඩම් සංවර්ධන (වාරිමාර්ග විෂය ඇතුළත්ව) නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ ඩී.ඒ. රාජපක්ෂ මහතා චන්ද්‍රිකා වැව ව්‍යාපෘතිය ආරම්භ කිරීමට පියවර ගෙන ඇත. මෙම චන්ද්‍රිකා වැවේ පූර්ණ ධාරිතාව අක්කර අඩි 24000කි. චන්ද්‍රිකා වැවේ වේල්ලේ දිග කිලෝ මීටර් 2.5 කි. උස  මීටර් 19.20කි. චන්ද්‍රිකා වැවේ වේල්ල ඉදිකිරීම ඇරැඹී ඇත්තේ 1957 ඔක්තෝබර් 07 වැනිදා ය.


    HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya