අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මාතලේ ලාක්ෂා හා සේසත් කර්මාන්තයට ලක්ෂ 70ක්

    අප්‍රේල් 23, 2014

    සාම්ප්‍රදායික කර්මාන්ත හා කුඩා ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතාගේ උපදෙස් පරිදි එම අමාත්‍යාංශය යටතේ පවත්නා ජාතික ශිල්ප සභාව මඟින් මාතලේ දිස්ත්‍රික්කයේ රත්තොට මැතිවරණ කොට්ඨාසයේ උණවේරුව හා පහළ හපුවිද ගම්මාන සංවර්ධනය කිරීම සඳහා රුපියල් ලක්ෂ 70ක් පමණ වැය කොට වැඩසටහන් රැසක් ක්‍රියාවට නංවා ඇතැයි මාතලේ අප දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය පවසයි.


    ඒ අනුව උණවේරුව සේසත් ගම්මානයේ සාම්ප්‍රදායික සේසත් කර්මාන්ත කරුවන්ගේ පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා රුපියල් ලක්ෂ 40ක් පමණ වැය කරමින් විශාල පරිමාණයේ වැඩබිම් 15ක් සංවර්ධනය කොට ඇත. පහළ හපුවිද ලාක්ෂා කර්මාන්ත කරුවන්ගේ ගම්මානය සඳහා රුපියල් ලක්ෂ 30ක් පමණ වැය කොට වැඩබිම් 30ක් සංවර්ධනය කර තිබේ.

     

    මෙසේ සංවර්ධන කළ වැඩබිම් ශිල්පීන්ට පවරාදීම සහ ඔවුන්ට අවශ්‍ය උපකරණ සහ අමුද්‍රව්‍ය බෙදා දීම ලබන 25 දින විෂයභාර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කරනු ඇත.

     

    මේ අවස්ථාවට සාම්ප්‍රදායික කර්මාන්ත හා කුඩා ව්‍යවසාය සංවර්ධන නියෝජ අමාත්‍ය වීර කුමාර දිසානායක මහතා ඇතුළු මැති ඇමතිවරුන්, දිස්ත්‍රික් ලේකම් ඇතුළු රජයේ නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් රැසක් සහභාගී වීමට නියමිතය.

     

    NDH/GNK/ISB_dmu_matale

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya