අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී පාද වන්දනා සමය සමාප්ති‍ පෙරහැර ගැන සාකච්ඡාවක්

    අප්‍රේල් 23, 2014


    2013/2014 ශ්‍රී පාද වන්දනා වාරය සමාප්තිය සනිටුහන් කරමින් සධාතුක කරඬුව හා සමන් දේව ප්‍රතිමාව රැගත් රිය පෙරහැර අති උතුම් ශ්‍රී පාදස්ථානයේ සිට පැල්මඬුල්ල ගල්පොත්තාවල ශ්‍රී පාද රජමහා විහාරය වෙත ලබන වෙසක් පුර පසළොස්වක පොහෝ දිනයෙන් පසුව වැඩම කරවීමට නියමිතව ඇත.

    ඒ අනුව පෙරහැර සංවිධානය හා පූජා පැවැත්වීමේ කටයුතු සංවිධානය කර ගැනීම සඳහා වන සාකච්ජාව ලබන 29 දින පස්වරු 2.30ට රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයිය ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

    මෙම සාකච්ඡාව ශ්‍රී පාදස්ථානාධිපති අති පූජ්‍ය බෙංගමුවේ ධම්මදින්න නායක ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට පියවර ගෙන ඇති බව රත්නපුර දිස්ත්‍රික් ලේකම් සුනිල් කන්නන්ගර මහතා පවසයි.
     

    එමෙන්ම පසුගිය වන්දනා වාරවලදී සධාතුක කරඬුව  හා දේව ප්‍රතිමාව ආපසු වැඩම කරවීමේ  රිය පෙරහැර උසස් අන්දමින් පිළිගෙන පෙරහැරට උපහාර දැක්වීමෙන් ලබා දුන් අනගි සහයෝගය කෘතවේදීව අගය කරන බවද දිස්ත්‍රික් ලේකම් වරයා සඳහන් කරයි.


     මෙම සාකච්ජාවට මහා සංඝරත්නයද අදාළ රාජ්‍ය ආයතන හා දෙපාර්තමේන්තු  ප්‍රධානීන්, රාජ්‍ය නිලධාරීන් හා ග්‍රාම සේවා නිලධාරීන් විවිධ සංවිධානවල නියෝජිතයින් සහභාගි වන බව රත්නපුර දිස්ත්‍රික් අප මාධ්‍ය ඒකකය සඳහන් කරයි.

     

    ECB/SW/NR/KM_dmu_ratnapura

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya