අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලක්ෂ 150ක වියදමින් පදවිය ඌරෑව සහ ඕමාරකඩට විදුලිය

    අප්‍රේල් 23, 2014

    ඉකුත් යුද සමයේ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදයෙන් නිරන්තරයෙන් පීඩාවට පත්ව තිබූ පදවිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ඌරෑව සහ ඕමාරකඩ ගම්මාන සඳහා විදුලිය ලබාදීමට රුපියල් ලක්ෂ එකසියපනහක (150) වියදමින් ඉදිකළ නව විදුලි යෝජනා ක්‍රමය පසුගියදා ජනතා අයිතියට පත්කෙරිණි.


    ‘විදුලමු ලංකා’ව්‍යාපෘතිය යටතේ ඉදිකළ මෙම නව විදුලි යෝජනා ක්‍රමය ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍ය තිස්ස කරල්ලියද්ද මහතාගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත්කෙරිණි.

    මේ මගින් ප්‍රදේශයේ පවුල් 220කට සෙත සැලසෙයි.

    ත්‍රීකුණාමල දිස්ත්‍රික්කයට මායිම්ව පිහිටි අනුරාධපුර දිස්ත්‍රික්කයට අයත් මෙම ගම්මාන දෙකට ඉකුත් යුද සමයේ විටින් විට එල්ල වූ  ත්‍රස්තවාදී ප්‍රහාර හේතුවෙන් අහිංසක ගම්වැසියන් (12) දෙනෙකු මිය ගිය අතර, යුද්ධය නිමවන තුරුම අනෙකුත් ගම්වැසියන් පදවිය අවට තිබූ සරණාගත කඳවුරු තුළ ජීවත් විය.



    කෙසේ වුවද යුද්ධය නිමවීමෙන් පසු මෙම ජනතාව යළි පදිංචි කර එම ගම්මානවලට අවශ්‍යම මාර්ග හා සනීපාරක්ෂක ආදී පහසුකම් ද රජය මගින් ලබා දී තිබේ.ප්‍රාදේශීය සභාවේ සිට ජනාධිපතිවරණය දක්වා වූ මේ රටේ ඇති ඕනෑම මැතිවරණයක් ජයග්‍රහණය කිරීමේ ශක්තිය, බලය හා ආශිර්වාදය ජනතාව විසින් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමන්ට ලබා දී ඇති බවත්, එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ විපක්ෂය බලය ලබාගැනීම සඳහා කරන කියන සෑම දෙයටම ජනතාව මැතිවරණවලදී නිසි පිළිතුරු ලබාදෙන බවත්, මෙහි දී අදහස් දැක්වූ අමාත්‍ය තිස්ස කරල්ලියද්ද මහතා පැවසීය.

    තව දුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා  " ඌරෑවල ඕමාරකඩ වගේ යුද්ධයෙන් බැට කෑ මේ රටේ ගම්මාන දහස් ගණනක අහිංසක ජනතාව මෙවරත් සතුටින් සමඟියෙන් සිංහල හින්දු අලුත් අවුරුද්ද සැමරුවා. එදා අවුරුදු දවසේ පවා රට වෙනුවෙන් යුද්ධයට ගිය තමන්ගේ දරුවා, සැමියා හෝ සහෝදරයා ගැන හිතමින් පවුලේ සාමාජිකයින් අලුත් අවුරුදු දවසෙත් කඳුළු බිව්වා. නමුත් අද ඇතැම් අය යුද්ධය ගැන මතක් කරනවටත් කැමති නැහැ. ඒකට හේතුව තමයි යුද්ධය කියූ සැනින් ජනතාවට සිහියට එන්නේ මේ රටට සැබෑ සාමය හා නිදහස ලබාදුන් ජනාධිපතිතුමන්වයි.

    අද ගමේ  ඇති වී තිබෙන යටිතල පහසුකම් සංවර්ධනය හා දියුණුව ගැන ඇතැම් වැඩිහිටියන් පුදුම වෙනවා. ඔවුන්ගේ ජීවිත කාලය තුළ සිදු වූ මේ සංවර්ධන විප්ලවයට ඔවුන් පිං දෙන්නේ ජනාධිපතිතුමන්ටයි.රටේ සිදුවුන මේ දැවැන්ත සංවර්ධනය ගැන විපක්ෂයේ කිසිම නියෝජිතයෙක් සුභවාදී ලෙස කතා කරන්නේ නැහැ. මේ රටේ කුහක දේශපාලන සංස්කෘතිය ඇති කළේ මේ විපක්ෂයයි. වාසනාවකට ජනතාව සත්‍ය  දන්න නිසා ඔවුන් නිසි වේලාවට නිවැරදි තීන්දුව ලබාදෙනවා.

    විදුලිය ජනතා අයිතියට පත්කිරීමේ අවස්ථාවට පදවිය ප්‍රාදේශීය සභාවේ සභාපති ධර්ම ශ්‍රී සෝමතිලක මහතා ඇතුළු ගම්වාසීන් පිරිසක් සහභාගී වූහ.

     

    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya